හර්ෂි සි. පෙරේරා
ප්‍රථම පුරවැසියා
අපේ මේ පුංචි රටට ආදරය කරන , රට පාවා නොදෙන දරු පිරිසක් බිහි කිරීම ගුරුවරුන්ගේ කාර්යභාරයක් බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසා සිටිනවා.
ඊයේ (24) උදෑසන අරලියගහ මන්දිරයේ පැවති විද්‍යාපීඨ ඩිප්ලෝමාධාරීන්ට ගුරු පත්වීම් ප්‍රධානයක දී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර තිබෙනවා.
මෙහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් සදහන් කර ඇත්තෙ ගුරුවරයා වඩාත් විශ්වාසවන්ත මිතුරෙකු සහෝදරයෙකු මවක හා පියෙකු වශයෙන් දරුවාට ළංවී ඔවුන් යහ මග ගෙනයාමේ කාර්යයට මුල පිරිය යුතු බවයි.
මුල්ගුරා
දිඹුලාගල අධ්‍යාපන කලාපයට අයත් අරලගන්විල ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක සිසුවකු එම පාසලේ විදුහල්පතිවරයා විසින් සිදු කර ඇතැයි කියන පහරදීමකින් රෝහල්ගත කර ඇත. මෙම පහරදීමෙන් රෝහල්ගත කර ඇත්තේ 15 හැවිරිදි සිසුවෙකි. පසුගිය 23 දා ප.ව. 1.00 ට පමණ මෙම පහර දීම සිදුවී ඇති අතර, මේ පිළිබඳ අරලගන්විල පොලිසියට දෙමාපියන් විසින් පැමිණිලි කර ඇත.
එම විදුහලේ විදුහල්පතිගේ දුර්වලතා පිළිබඳ බලධාරීන් දැනුවත් කිරීම හේතුවෙන් තම දරුවාගෙන් පළිගැනීමක් ලෙස මෙසේ කර ඇතැයි එම සිසුවාගේ මව වන ටී.ජී. අශෝකා නන්දනී මහත්මිය පැවසුවාය. එම සිසුවා අරලගන්විල රෝහලෙන් පොළොන්නරුව රෝහල වෙත යවා ඇති අතර, සිසුවාගේ එක් කනක් ඇසීම අඩු බවද වාර්තා වේ.
සුබ අනාගතය
සිතන්න ! ! !

Post a Comment