අරිසෙන් අහුබුදු වියෝව

හෙළයේ මහා පඬිවරයකු වූ කලාශූරි අරිසෙන් අහුබුදු මහතා (91* කොළඹ පෞද්ගලික රෝහලකදී අභාවප‍්‍රාප්ත විය. ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහලේ ගුරුවරයකු වු ඔහු ගත්කතුවරයෙකි. කවියෙකි. ගීත රචකයෙකි.සාහිත්‍යධරයෙකි. වියරණ පිළිබඳ විශාරදයෙකි.

කොග්ගල මලලගමදී අහුබුදු මහතා ඉපැදුනේ 1920,මාර්තු 18 වැනිදාය.1953.8.23 වැනිදා බෙලිදෙනියේ සඳා සමග විවාහ විය. කතළුව රජයේ පාසලෙන් මුලික අධ්‍යාපනය ලබා 1942දී නිට්ටඹුව ගුරු ඇබෑසි විදුලෙන් පුහුණු ගුරුවරයෙක් විය. හෙළ හවුලේ නායක මුනිදාස කුමාරතුංගයන්ගේ ඇසුරෙන් සිය බස් දැනුම වඩා ගත්තේය.

ඔහු සිංහල, ඉංගී‍්‍රසි පාලි,සංස්කෘත භාෂා ගැන හසල දැනුමක් ලබා සිටියේය.

ඔහුගේ මුල් නම වු -අර්යසේන ආශුබෝධ” යන නම අරියසෙන් අහුබුදු වුයේ කුමරතුඟු ඇසුරෙනි. හතළිස් වසරක් පුරා බිළිඳුනට නම් තැබීමෙන් ඔහු වාර්තාවක්ද පිහිටුවා ඇත.




Tell a Friend