හර්ෂි සි. පෙරේරා
"දෙමල ජාතික පොලිස් නිලදාරියකු පවසන ආකාරයට තමන් සහ තම සහුර්දයින් 25 දෙනෙකු ගිය සතියේ ආරක්ෂක අන්ස විසින් පවත්වන ලද දැවැන්ත පෙළපාලියට සහබාගිවිම වැළැක්වීම මගින් ඔවුන් වේදනාවට සහ ලැජ්ජාවට පත් වී ඇත."
මෙය වාර්තා වන්නේ දශක දෙකක යුද්දය නිමාවට පත් කර වසර දෙකක් සමරන අවස්ථාවේදීය. ගිය වසරේ ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශ නියෝජනය කරමින් දෙමල ජාතිකයින් 600 ක් පොලිසියට බදවා ගැනීම ගැන අප සතුටු වුනෙමු.
නමුත් ඉහත පරිපාලන දුර්වලතාව සහ වෙනස් කම් කිරීමේ මානසිකත්වය සමස්ත දෙමල පොලිස් නිලදාරීන් තුල පමණක් නොව සියලුම දෙමල රාජ්ජය සේවකයින් තුල කලකිරීම ඇති කරයි.
මෙය සිංහල බහුතරයට ආරක්ෂාව පිළිබද ප්‍රශ්නයක් වුවාට දෙමල සුළුතරයට මෙය තමන් පර දෙමළුන් ලෙසම තබා ගනිමින් තමන්ට එරෙහි වෙනස් කම් අකණ්ඩව සිදුවන බවට නිදසුනකි.
අනෙක් අතට යුද්දය නිමා වී වසර දෙකක් ගතවීත් රාජපක්ස රෙජීමය ජාතින් අතර සංහිදියාව සදහා කිසිදු තැකීමක් නොකරන බව මෙමගින් පෙන්වයි.

Post a Comment