හර්ෂි සි. පෙරේරා
"ශී‍්‍ර ලංකාවේ සිදුවූ යුද්ධය සම්බන්ධයෙන් බි‍්‍රතාන්‍යයේ චැනල් 4 රූපවාහිනියට ලැබුණු වීඩියෝ පටය සත්‍ය එකක් බවත්, ඒ අනුව යුද අපරාධ සිදුවූ බවත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් නිලධාරියෙකු වන කි‍්‍රස්ටොෆ් හයින්ස් පවසා සිටින බව ඒපී පුවත් සේවය වාර්තා කරයි. විනාඩි පහක කාලයක් දිවයන එම වීඩියෝ පටයෙන් පෙන්වන්නේ නිලඇඳුමින් සැරසුනු පුද්ගලයින් නිරායුධ පිරිමින් හා ගැහැණුන් ඝාතනය කරන බව යැයි ඔහු කියා සිටී."
නමුත් අපේ ජනාදිපතිතුමා කියන්නේ කුමක්ද? අපි අපේ ආයුද වලින් එකදු සිවිල් වැසියෙක්වත් මැරුවේ නැහැ. අපේ සොල්දාදුවෝ එක අතකින් අවියත් අනෙක් අතින් මානව හිමිකම් ප්‍රඥප්තිය අතින් අරගෙනයි මෙම මෙහෙයුම කලේ.
දැන් යුද්දය ඉවරයි. දරුස්මන් වාර්තාවට අනුව ආණ්ඩුව සහ එල්.ටි.ටි.ඊ ය යුද අපරාද කරලා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබද මහා කොමසාරිස්වරිය ජාත්‍යන්තර අදීක්ෂණය යටතේ සුවාදින පරීක්ෂණයක් පවත්වන්න කියලා. ආණ්ඩුවට ජාත්‍යන්තරෙන් දැඩි බලපෑමක් එල්ල වෙනෙවා. ජි එල් පිරිස් ගේ ඉන්දීය සංචාරයේදී නිකුත්වූ ඒකාබද්ද ප්‍රකාශය ඊට හොදම නිදසුනයි.
ඉන්දියාව සියලු මානව හිමිකම් උල්ලන්ගනයන් සම්බන්දයෙන් සුවාදින විමර්ශන කරන්න කියලා ලංකා ආණ්ඩුවට කියනවා. ඒවගේම හිදිසි නිතිය ඉවත් කිරීම, සියලු අවතැන් වුවන් නැවත පදිංචි කිරීම ඒ ඉල්ලීම් අතර වෙනවා. ඉන්දියාව දරුස්මන් නම සදහන් නොකර ලංකාවට කියන්නේ දරුස්මන් ක්‍රියාත්මක කරන්න කියලා. තමිල්නාඩුවේ ජයලලිතා ජයග්‍රහණය කිරීම ලංකාවට එල්ල වන පීඩනය වැඩි කිරීමක්.
ලංකා ආණ්ඩුව මොකද කරන්නේ. ජුලි මාසේ හදිසිය ඉවත් කරනවා කියනවා. තව ආණ්ඩුවේ සුපිරි පහසුකම් යටතේ සිටින එල් ටි ටි ඊ හිටපු ජාත්‍යන්තර කටයුතු පිළිබද නායක කේ පි ලවා බේගල් කියනවා. එනම් යුද්දයේ අවසන් කලේ කොටි නායකයින්ට පැන යාමට එක්සත් ජාතින් සහ නම හෙළි නොකරන බටහිර රටක් නැවක් එවීමට සුදානම්ව සිටි බව. අලුත්ම කේ පි බේගලය ජයලලිතා මැරීමට එල් ටි ටි ඊ සැලැස්මක් තිබු බවයි.
මේ බේගල් වලින් පැහැදිලි වන්නේ එක දෙයි. ඒ ආණ්ඩුවට තවමත් දෙමල ජනයාගේ ප්‍රශ්න විසදීමට උවමනාවක් නැති බවයි. දශක තුනක යුද්දය දෙමල ජනතාවට ඉතිහාසය පුරා සිදු වූ අසදරණයේ සහ අයුක්තියේ පුපුරායමක් . මෙය රටේ බහුතර සිංහල ජනයාගෙන් බහුතරය තවමත් තේරුම් ගෙන නැහැ.

Post a Comment