ප්‍රචණ්ඩ ක්‍රියා වලට වගකිවයුතු මහා මොළකරුවන් වූ සැකකරුවන් 06 දෙනා ගැන තමන් විමර්ශන කරන බව ඔප්පු කිරීමට කෙන්යාව අසමත් වූ බව ජාත්‍යන්තර යුද අපරාද අදිකරණය කියයි.
චෝදනා ලැබුවන් අතර මුදල් ඇමති යුහුරු කෙන්යට සිටියි. ඔවුන් කලහකරිත්වය පැවති සමයේ මනුෂ්‍යත්වයට එරෙහි අපරාද කල බව ප්‍රතික්ෂේප කරති. එහිදී මිනුසුන් දහසක් පමණ මරණයට පත් විය.
කෙන්යාවේ සිටින අයි. සි. සි නිලදාරීන් සාක්ෂිකරුවන්ට ආරක්ෂාව සලසන ආකාරය ගැන සාකච්චා කරති.
නයිරෝබිහි සිටින නිලදාරීන් අලුත් විවස්ථාව හදුන්වා දීමෙන් සහ අනෙකුත් ප්‍රතිසංස්කරණ මගින් වගකිවයුත්තන්ට එරෙහිව නඩු පැවරීම කෙන්යාවට කල හැකි බවට තර්ක කරති.
නමුත් දැනට නම් කර ඇති සැකකරුවන් සය දෙනා සම්බන්දයෙන් විමර්ශන කරන බව පෙන්වීමට කෙන්යානු බලදාරින් අසමත්වූ බව හේග් හි විනිසුරුවරු කියති.
බි බි සි ඇසුරෙන්,
හර්ෂි සි. පෙරේරා

Post a Comment