අමිල ගුණරත්න
විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා වරම් ලබා සිටින ශිෂ්‍ය ප්‍රජාවට පවත්වනු ලබන නායකත්ව පුහුණු පාඨමාලාව මේ දිනවල රන්ටැඹේ ජාතික ශිෂ්‍යභට බලකා පුහුණු කඳවුරේ පැවැත්වෙන අතර සරසවි සිසුන් සඳහා තේ පැන් සංග්‍රහ වියදම් ලෙස වියාජ බිල්පත් ඉදිරිපත් කරමින් විශාල මුදලක් ජාතික ශිෂ්‍ය භට බලකායේ අධ්‍යක්ෂක මේජර් ජෙනරාල් ගාමිණි ජයසුන්දර ගසා කන බව රන්ටැඹේ ජාතික ශිෂ්‍යභට බලකා පුහුණු කඳවුරේ නිලධාරීන් පෙන්වා දෙති. මේ සම්බන්දයෙන් අදහස් දැක්වූ ශිෂ්‍ය භට බලකායේ හිටපු කර්නල්වරයෙකු වූ නන්දන වීරකෝන් මහතා මේජර් ජෙනරාල් ගාමිණි ජයසුන්දර මීට පෙරද මෙවැනි වංචා වල දී ඇති අතර සුනාමි ආධාර ලෙස කන්ටේනරයක් ගෙනවිත් එම ආධාර හොරෙන් විකිණීම සම්බන්දයෙන් චෝදනාවක්ද තිබු බව පවසයි. රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයේ උසස් නිලධාරීන්ගේ නිවෙස්වල දානමාන කටයුතු වලදී නොමසුරුව ඉදිරිපත්වී ආහාර ද්‍රව්‍ය සපයන නිසා ජාතික ශිෂ්‍ය භට බලකායේ අධ්‍යක්ෂක මේජර් ජෙනරාල් ගාමිණි ජයසුන්දර මහතාට විරුද්ධව ඇති චෝදනා රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයේ දී ඉබේම වාෂ්ප වන අතර ඔහුගේ අක්‍රමිකතා වලට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාද අඳ , ගොළු බිහිරි පිළිවෙතක් අනුගමනය කරන බව රන්ටැඹේ ජාතික ශිෂ්‍යභට බලකා පුහුණු කඳවුරේ නිලධාරීහු වැඩි දුරටත් පෙන්වා දෙති.

Post a Comment