හිටපු මහා ඇමති ලොක්කගේ දුවට ඇප දෙයිද? නොදෙයිද?

- කිෂානි  

තමිල් නාඩුවේ හිටපු මහා ඇමති කරුණානිධිගේ දියණිය වන පාර්ලිමේන්තු මන්ත්‍රිනී කණිමොලි සහ කාලෙයිනගර් රුපවාහිනී නාලිකාවේ කළමනාකාර අධ්‍යක්ෂක ශරඩ් කුමාර් නවදිල්ලියේ මහා අධිකරණය වෙත අද සවස රැගෙන යනු ලැබුවේ ඇප ලබා ගැනීම සඳහා ගොනු කර තිබු ඇපෑල සලකා බැලීමටය.

මේ වනවිට ඉන්දියාවේ ප්‍රමුඛ මාතෘකාව වන ටුජි වංචාව ( 2G scam ) සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින අය අතුරින් ප්‍රධාන පෙළේ දෙදෙනෙකු වන මෙම දෙදෙනා තාහිර් බන්ධනාගාරයේ රඳවා තබා ඇත්තේ පසුගිය 29 වැනිදා අධිකරණය විසින් ඔවුන්ට ඇප ලබා දීම ප්‍රතික්ෂේප කිරීමෙන් අනතුරුවය.

පසුගිය අප්‍රේල් විසි පස් වනදා ඉන්දිඅනු දේශීය බුද්ධි අංශය විසින් 43 හැවිරිදි කණිමොලි සහ කුමාර්ට එරෙහිව චෝදනා ගොනු කරනු ලැබීය. ඊට හේතුව වූයේ ඇය ඉන්දියානු රුපියල් ලක්ෂ දෙසීයක අල්ලසක් ගෙන තිබීමයි.

මේ අතර නව දිල්ලි නුවරින් ලැබෙන අලුත්ම වාර්තා සඳහන් කරනු ලැබුවේ තමිල් නාඩුවේ හිටපු මහා ඇමති කරුණානිධි එරට අභ්‍යන්තර කටයුතු ඇමති පි. චිදම්බරම් නව දිල්ලි නුවරදී හමු වී මතු වී ඇති දුෂ්කර තත්වය පිළිබඳව සාකච්චා කොට ඇත.

Tell a Friend