දරුස්මාන් වාර්තාවට අප්‍රිකානු ජාතික කොන්ග්‍රසයේ අනුමැතිය.

හර්ෂි සි පෙරේරා

ගැටුම පැවති ප්‍රදේශවල සිදුවූ සෑම මානව හිමිකම් කඩවීමක්ම  අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය ක්‍රමානුකුලව හෙළා දකියි. අපි දැඩි කනස්සල්ලෙන් සඳහන් කරනවා සටන් විරාමය බිදවැටීම සහ ශ්‍රී ලංකා ආණ්ඩුව සහ එල් එල් ටි ටි ඊ ය අතර සාකච්චා කඩාකප්පල්විම සහ එල් ටි ටි ඊ ය ගැටළු විසදීමට යුධමය ක්‍රමයකට අවතීර්ණ වීම යන කාරණා ගැන.

බැන්කි මූන් පත්කළ ශ්‍රී ලංකාව සම්බන්දයෙන් වූ විශේෂන්ඥ කමුටුවේ වාර්තාව අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය අනුමත කරයි. ඔවුන් ගැටුමේදී සිදුවූ ජාත්‍යන්තර මනවදයාවාදී සහ මානව හිමිකම් නීති උල්ලන්ගනයවීම් ගැන විමර්ශනයට සුවාදින ආයතනයක් පත් කරන්නයි ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටියි.

අප්‍රිකානු ජාතික කොන්ග්‍රසයේ සම්පුර්ණ ප්‍රකාශය පහත පරිදිය.

ශ්‍රී ලංකාවේ අර්බුදය සම්බන්දයෙන් වූ වගවීම සොයා බලා තමනට උපදෙස්දීමට එක්සත් ජාතීන්ගේ මහා ලේකම් බැන්කි මූන් විශේෂන්ඥ කමිටුවක් පත් කරන ලදී. එම කමිටුවේ කටයුතු කල අය අතරින් එක් කෙනෙකු වන්නේ ප්‍රකට දකුණු අප්‍රිකානු විනිසුරු යස්මින් සූකාය. කමිටුවේ අවසාන නිගමනය වුයේ දෙපාර්ශයම එනම් ශ්‍රී ලංකා ආණ්ඩුව සහ එල් ටි ටි ඊ ය ජාත්‍යන්තර මානවදයවාදී සහ මානව හිමිකම් නිතිය බරපතල ලෙස උල්ලංගනය කර ඇති බවත් මේවා යුද අපරාද සහ මනුසත්වයට එරෙහි අපරාද ගණයෙහිලා වැටෙන බවයි.

ගැටුම පැවති ප්‍රදේසවල සිදුවූ සෑම මානව හිමිකම් උල්ලන්ගනයක්ම අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය ක්‍රමානුකුලව හෙළා දකියි. අපි දැඩි කනස්සල්ලෙන් සදහන් කරනවා සටන් විරාමය බිදවැටීම සහ ශ්‍රී ලංකා ආණ්ඩුව සහ එල් එල් ටි ටි ඊ ය අතර සාකච්චා කඩාකප්පල්විම සහ එල් ටි ටි ඊ ය ගැටළු විසදීමට යුදමය ක්‍රමයකට අවතීර්ණ වීම යන කාරණා ගැන.

ගැටුමේදී සිදුවුබව කියන සියලු ආකාරයේ ජාත්‍යන්තර මානවදයවාදී සහ මානව හිමිකම් නීති උල්ලන්ගනයන් පරික්ෂා කිරීමට සුවාදින ආයතයනයක් පත් කරන ලෙස මහා ලේකම් බැන්කි මූන්ගේ විද්වත් කමිටුවේ නිර්දේශයට අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය සහය පළකර සිටිනවා.

ඊට අමතරව අපි ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා රටේ දමිල ජනගහනය අත්විදින බරපතල වද වේදනාවල් සැලකිල්ලට ගනිමින් සහ සැබැ උවමනාවකින් සාම ක්‍රියාමාර්ගයකට අවශ්‍ය වැඩපිළිවෙලකට අවතීර්ණ වන ලෙස.

ප්‍රකාශයට පත් කළා:
ජාත්‍යන්තර සබදතා පිළිබද ප්‍රදානි,
ආචාර්ය ඉබ්‍රහිම් ඉබ්‍රහිම්,
අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය.