ඔබාමා, ඔසාමා මරාදැමුවන් මුණගැසෙයි.

ඇමෙරිකානු ජනාදිපති බරක් ඔබාමා, ඔසාමා බින් ලාඩන් මරාදැමු හමුදා කණ්ඩායම මුණගැසෙයි. ඔවුන්ගේ මෙහෙයුම ඔහුගේ පැසසුමට ලක්විය. ඔහු එය හැදින්වුයේ සිය ජාතික ඉතිහාසයේ සිදුකලාවූ ශ්‍රේෂ්ටතම මෙහෙයුම ලෙසයි.

ඔහු පොරොන්දු ගිවිසගැනිමකද නිරත විය. ඒ ඇමෙරිකාව බින්ලාඩන් නායකත්වය දුන් ඇල් කයිඩා ජාලය පරාජය කරන බවටයි.

බින් ලාඩන් සිටි ස්ථානයෙන් සොයාගත් වාර්තා සනාථ කරන්නේ අල් කයිඩා තවත් ඇමෙරිකානු ප්‍රහාර සදහා පිබුරුපත් සකසා තිබු බවයි.

වැඩේ හොදින් කිරීම ගැන ප්‍රශංසා කල ඔබාමා ඉදිර්යේදී කිරීමට ඇති වැඩ කොටස ඉතා අසීරු එකක් බවත් ප්‍රකාශ කළේය.

ඇල් කයිදාවද බින් ලාඩන් මැරුන බව පිළිගත් බව වෙබ් අඩවියකට නිකුත් කල ප්‍රකාශයක් හරහා සනාථ කල අතර ඔවුන් කියා සිටියේ බින් ලාඩන්ගේ රුදිරය අපතේ යන්නට ඉඩ නොදී දිගටම ඇමෙරිකාවට සහ එහි හවුල් පාර්ශවයන්ට ප්‍රහාර එල්ලකරන බවයි.

බි බි සි ඇසුරෙන්,
- හර්ෂි -