අයිෆා උළෙල සඳහා රු. කෝටි 47 වැය කළා

- නි. ඇමැති ලක්‌ෂ්මන් යාපා අබේවර්ධන

අජිත් අලහකෝන්

අයිෆා උළෙල සඳහා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය විසින් රුපියල් හතළිස්‌ හත්කෝටි පනස්‌ ලක්‍ෂයක මුදලක්‌ වැය කර ඇතැයි ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා ඊයේ (06 දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

මෙම උළෙල සඳහා ඇස්‌තමේන්තුගත කළ වියදම රුපියල් හැට නව කෝටි අසූ ලක්‍ෂයක්‌ බව කී ඇමැතිවරයා අයිෆා උළෙල සඳහා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය විසින් ලංකා බැංකුවෙන්ද රුපියල් කෝටි අටක ණය මුදලක්‌ ලබාගත් බව කීය.

අයිෆා උළෙල ශ්‍රී ලංකාවේ පැවැත්වීම නිසා ප්‍රතිලාභ රැසක්‌ කෙටි කාලීනව හා දීර්ඝ කාලීනව ලබාගෙන ඇතැයිද කී නියෝජ්‍ය ඇමැතිවරයා මුදල්මය වාසි රැසක්‌ද මෙරටට ලැබුණු බව පැවැසුවේය. එමෙන්ම 2009 වසර සමග සසඳද්දී ඉන්දියානු සංචාරකයන්ගේ සියයට 71 ක වැඩිවීමක්‌ අයිෆා උළෙල නිසා ළඟා කරගත හැකිවූ බවද ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා කීය.


Tell a Friend