ශ්‍රී ලංකාව හෑල්ලුවට ලක්‌කරන UN වාර්තා මුළුමනින්ම හෙළා දකිනවා.- මැල්කම් රංජිත්

නෝමන් පළිහවඩන

එක්‌සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මූන් මහතාගේ උපදෙස්‌ පරිදි සකස්‌ කරන ලද ශ්‍රී ලංකාවේ යුද අපරාධ සිදුවී දැයි සොයා බැලීමේ කමිටුවේ වාර්තාව ශ්‍රී ලංකාවට එරෙහි ප්‍රධාන පියවරක්‌ බව මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණෝ විශේෂ ප්‍රකාශයක්‌ කරමින් කියා සිටියහ. මෙම වාර්තාව පසුපස කිසියම් බළල් අතක්‌ ක්‍රියාත්මක වෙන බව සඳහන් කළ කාදිනල් හිමිපාණෝ මෙසේද කියා සිටියහ.

මෙම බළල් අත මෙහෙයවනු ලබන්නේ කිසියම් බලගතු අයෙක්‌ හෝ සංවිධානයක්‌ය.

ඔවුන් එක රටකට එක විදිහක්‌ තවත් රටකට තව විදිහක්‌. ශ්‍රී ලංකාව හෑල්ලුවට ලක්‌කරන මෙවැනි වාර්තා අපි මුළුමනින්ම හෙළා දකිනවා.

බෑන් කී මූන්ගේ වාර්තා අපිට පිළිගන්න බැහැ. මෙහි පිටුපස සිටින උදවිය ගැන අපි විමසිලිමත් විය යුතුයි.

Tell a Friend