ශල්‍ය වෛද්‍ය පරාක්‍රම වෙල්ගම රෝගියෙකුට බුරයි

අමිල ගුණරත්න

අසරණ වූ රෝගියාට වෛද්‍යවරයා දෙවියෙකි. එම දෙවියා කපුවෙකු සේ පරල වන විට කාට කියම්ද? කිරිබත් කුඹුරේ ආර් එම් රත්නායක මහතා මුහුණ දුන්නේ එවැනි අබ්බගයකටයි. තම බිරිඳගේ කකුලේ නහර ගැට ගැසීම නිසා වෛද්‍ය ප්‍රතිකාර ගැනීමට මහනුවර පවුද්ගලික රෝහලකට ගිය රත්නායක මහතා චැනල් කලේ වෛද්‍ය පරාක්‍රම වෙල්ගම නම් ශල්‍ය වෛද්‍යවරයාවයි. ඔහු කකුලේ නහර ගැට ගැසීම නිසා ශල්‍යකර්මයක් කල යුතු බව කීවේය. ශල්‍යකර්මයට සිහි නැති කිරීම සිදු කරන නිසාද ශල්‍යකර්මයයේ විස්තරද ආර් එම් රත්නායක මහතා ශල්‍ය වෛද්‍ය පරාක්‍රම වෙල්ගම ගෙන් ඇසුවේ හිතේ බය අඩු කරගන්නට සහ සැක දුරු කර ගන්නටයි. මෙය ඇසීම නිසා පරල වූ කපුවෙකු සේ ශල්‍ය වෛද්‍ය පරාක්‍රම වෙල්ගම ආර් එම් රත්නායක මහතාට ඉතා පහත් විදියට බැන වදින ලදී. ඉතා හිතේ අමාරුවට පත් ආර් එම් රත්නායක මහතා රෝහලෙන් පිටවී අවා.

රජයේ රෝහල් වලදී මෙන් නොව මුදල් ගෙවා ප්‍රතිකාර ලබා ගන්නා පවුද්ගලික රෝහල් වලදී ද අහංකාර හිස උදුම්මවාගත් වෛද්‍ය පරාක්‍රම වෙල්ගම වැනි වෛද්‍ය ප්‍රතිරුපකයන්ගේ ක්‍රියා නිසා රෝගීන් අසරණ වන බව මෙම උදාහරණයෙන් පෙනී යයි. මීට පෙරද ශල්‍ය වෛද්‍ය පරාක්‍රම වෙල්ගම රෝගීන්ට ඉතා පහත අන්දමින් බැන වැදී ඇති බව මහනුවර රෝහලේ කාර්ය මණ්ඩලය පවසනවා. තවද ඔවුන් පෙන්වා දෙන අන්දමට 2002 වසරේදී ශල්‍ය වෛද්‍ය පරාක්‍රම වෙල්ගම ඩෙංගු උන වැළඳී තිබු පාසල් දැරියක් රෝග විනිශ්චය වරදවා ඇයව ඇපෙන්ඩිසයිටිස් ශල්‍යකර්මයට භාජනය කිරීම නිසා දැරිය මිය යන ලදී. මෙම දැරියගේ පියාටද ඔහු බැන වැදී තිබුනා.

Tell a Friend