මාද්යවේදීන් වහා නිදහස් කරනු. අල් ජසිරා බල කරයි.

අහමඩ් එද්දින්, අම්මර් අල් හම්දන් සහ කමල් අල් ටළු වහා නිදහස් කරන ලෙස අල් ජසිරව ලිබියානු බලදරින්ගෙන් ඉල්ලා සිටියි. ගිය මාසයේ ලිබියාවේ තත්වය වාර්තා කරන්නට ගිය අවස්ථාවේ මොවුන්ව රදවාගෙන ඇත.

ලිබියානු බලදරින් මෙයට හේතු දැක්වීමක් කරන්නේ නැත. මද්යවෙදින්ව පළමුව සින්ටන්හි තබාගෙන පසුව ට්‍රිපොලිහි සිරගත කෙරිණි.

අහමඩ් එඩින් පළමුව අල් ජසීරාවට එකතු වුයේ 2008 දිය. ඔහු දොහහි ප්‍රවුර්ති මැදිරියේ වාර්තාකරුවකු ලෙස කටයුතු කරන ලදී. ඔහු අප්‍රිකාව සම්බන්දයෙන් වාර්තා කල අතර මෙනිසා ඔහුට ලිබියාවේ මෑතකදී ඇතිවූ කැරැල්ල වාර්තා කරන්නට ලැබිණි. මුරිටනිඅන් වරයකු වූ මොහු දියණියන් දෙදෙනකුගේ පියෙකි. ඔහු කොනච් නම් බ්ලොග් අඩවියක් කරගෙන යයි. එහි පලවන්නේ ඔහු පුවත් පත් වලට ලියන ලිපිය. ඔහු අරාබි කාව්‍ය කියවීමට රුචිකත්වයක් දක්වයි.

කමල් අල් ටළු, අල් ජසීරාවට චායාරුප ශිල්පියකු ලෙස එකතු වුයේ ඉතාම මෑතකදීය. වෛද්‍ය විද්‍යා පිළිබද පසුබිමක් සහිත මොහු මද්යකරණය පිළිබද ලැදියාවකින් යුතුය. ට්‍රිපොලිහි වෛද්‍ය විද්‍යාව හදාරා පසුව එංගලන්තයේ වයිද්යවරයකු ලෙස 2009 දක්වාම කටයුතු කළේය. කමල් වයස අවුරුදු 43 වූ බ්‍රිතාන්‍ය පුරවැසියෙකි. ඔහු පුතුන් තිදෙනෙකු සහ එක් දියණියකගේ පියෙකි.

අම්මර් අල් හම්දන්, නෝවේජියානු චායාරුප ශිල්පියෙකි. මොහුට බහු සංස්කෘතිමය පසුබිමක් ඇත. ඔහු හැදී වැඩුණේ බඩ්දග්හිදීය . හෙතම නෝවේජියානු මද්‍යවෙදිනියක් හා විවාහවී සිටියි. ඔහු 2006 සිට අල් ජසිරාහී ඔස්ලෝ අංශයේ සේවය කරයි.

අල් ජසිරා ඇසුරෙන්