පෑලියගොඩ නියෝජ්‍ය නගරාධිපති අමිල නිශාන්ත කුමාරසිංහ කප්පම් අරගෙන රිමාන්ඩ්

අමිල ගුණරත්න

පෑලියගොඩ මාළු වෙළෙඳ සංකීර්ණයේ කප්පම් සිද්ධිය සම්බන්ධයෙන් පෑලියගොඩ නියෝජ්‍ය නගරාධිපති අමිල නිශාන්ත කුමාරසිංහ අත් අඩංගුවට ගෙන තිබේ. තනතුරට නිගා දෙන මෙවැනි හොරුන් සම්බන්දයෙන් නීතිය අකුරටම ක්‍රියාත්මක විය යුතු බව අප අවධාරණය කරමු. ජනතාවගේ මුදලින් රුපියල් දශලක්‍ෂ 1500 ක පමණ වියදමින් සාදන ලද පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයයේ අයිතිකරුවන් වන්නේ මහ ජනතාව මිස කප්පම්කරුවන් නොවේ. මාළු මිල ඉහල යාමට කප්පම් සෙල්ලමද හේතු වන බව තේරුම් ගැනීමට දැන් කාලය පැමිණ තිබේ. එම නිසා එයට විරුද්ධ වීමට ජනතාවට අයිතියක් ඇත. කප්පම්කාර නියෝජ්‍ය නගරාධිපති පිටුපස තව බලවතුන් ඇති අතර දැනට ඔවුන් තාවකාලිකව කප්පම් සෙල්ලම නවතා තිබේ. කුණු මාළු තරම්වත් නොවටින මෙම ජඩයන්ට චන්දය දී ඔවුන්ව වැදගත් තනතුරු වලට පත් කල පෑලියගොඩ චන්දදායකයන් ලබන වාරයේවත් තම මෝඩකම යලි ප්‍රදර්ශනය නොකළ යුතුය.

Tell a Friend