රටටම කුඩු බෙදන මාලක පුතු

අමිල ගුණරත්න

මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා එක්ස්ටසි නම් මත් ද්‍රව්‍ය ගෙන්වීම හා බෙදාහැරීමේ ඒකාධිකාරය පවත්වාගෙන යන බව පොලිසියේ ජේෂ්ඨ නිලධාරියෙක් පැවසීය. කොළඹ තරු පහේ හෝටල්වල සති අන්තයේ පවත්වන ඩිස්කෝ නැටුම්හල්වල එක්ස්ටසි වෙළඳාම ජයටම සිදුවන බව ඔහු වැඩිදුරටත් පවසා සිටියි. මෙම මත්ද්‍රව්‍ය පෙත්තක් රුපියල් 10,000 සිට 15,000 දක්වා අලෙවි වන අතර කොළඹ ජාත්‍යන්තර පාසල් වල සිසු සිසුවියන් රැසක් මෙම එක්ස්ටසි නම් මත් ද්‍රව්‍යට ඇබ්බැහිවී සිටින බව වාර්තා වේ. එක්ස්ටසි නම් මත් ද්‍රව්‍ය ගෙන්වීම හා බෙදාහැරීම පිළිබඳව මත් ද්‍රව්‍ය නාශක බියුරෝව දැනගෙන සිටියද දේශපාලන බල අධිකාරිය නිසා මේ දක්වා කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීමට ඔවුන් අපොහොසත්ව සිටිති. මීට වසර කිහිපයකට උඩදී මත්ද්‍රව්‍ය පානය කොට සිටි කොළඹ ජාත්‍යන්තර පාසලේ සිසුවෙකු රෝයල් පාර්ක් නිවාස සංකීර්ණයේදී ගෙල මිරිකා තරුණියක්ද මරා දමන ලදී.


Tell a Friend