විද්වත් කමිටු වාර්තාව අපේ‍්‍රල් 18 ප‍්‍රසිද්ධ කිරීමට යයි

එක්සත් ජාතීන්ගේ විද්වත් කමිටුව විසින් ඉදිරිපත් කළ ශී‍්‍ර ලංකාව පිළිබඳ විමර්ශණ වාර්තාව මහලේකම් බැන් කි මූන් විසින් අපේ‍්‍රල් 18 වැනිදා ප‍්‍රසිද්ධ කොට ප‍්‍රකාශයට පත් කිරීමට යන බව නිව්යෝර්ක් නුවරින් ලැබෙන මාධ්‍ය වාර්තා පවසයි.

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ වෙත රහසිගතව යවන ලද එම වාර්තාවේ සමහර කොටස් ශී‍්‍ර ලංකාවේ මාධ්‍යවල ප‍්‍රචාරය වීම සම්බන්ධයෙන් ජගත් මහලේකම්වරයා අසතුටට පත්ව සිටින බව එම වාර්තා කියා සිටී.

එම නිසා, ශී‍්‍ර ලංකාවේ සිදුවූ බව කියන යුද අපරාධ පිළිබඳ වගකීමේභාවය සම්බන්ධයෙන් වන එම වාර්තාවට ඉමහත් ප‍්‍රසිද්ධියක් ලැබී තිබේ.

වාර්තාවේ කොටස් මෙරට මාධ්‍යවල පළවීම හේතුවෙන් එය ප‍්‍රසිද්ධ කිරීමට මහලේකම්වරයා තීරණය කළේද යන්න මෙතෙක් සනාථව නොමැත.

Tell a Friend