නීතිපති උපදෙස් නැතුව ඉන්නේ දයා මාස්ටර්ලා විතරක් නෙමෙයි.

හර්ෂි සි. පෙරේරා

කොටි සංවිධානයේ හිටපු මාධ්‍ය ප‍්‍රකශකයකු වූ දයා මාස්ටර් හා කොටි නායක ප‍්‍රභාකරන්ගේ භාෂා පරිවර්තක ජෝර්ජ් මාස්ටර් සම්බන්ධයෙන් නීතිපති උපදෙස් මෙතෙක් ලැබී නැතැයි පැමිණිල්ල කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රශ්මි සිංගප්පුලි මහතාට අද දැන්වීය.

වේලායුදන් දයානිධි (දයා මාස්ටර්)* හා වේළුපිල්ලේ කුමරු පංචරත්නම් (ජෝර්ජ් මාස්ටර්)* ඕමන්තේ සරණාගත කඳවුරක දී හමුදාවෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ 2009.4.23 වැනිදා ය. දැනට ඇප මත සිටින ඔවුන්, කිසිම වරදකට සම්බන්ධනැති බව නීතිපති නිගමනය කරතොත් ඔවුන් මුදාහැරීමට නියමිත ය.

නීතිපති උපදෙස් නැතුව විශාල සංකයාවක් බන්ධනාගාර වල සිටිති. මෙි තත්වය කොටි සාමාජිකයිින්ට පමණක් විශේෂ වුවක් නොවෙි.

අවාසනාවකට මානව හිමිකමි ගැන කතා කරන බෝහොමයක් ජත්‍යයන්තර සංවිධාන ඇමිනස්ටි ඉන්ටනැෂනල්ද ඇතුලු කතා කරන්නේ එල් ටිි ටිි ඊ සැකකරුවන් ගැන පමණයි.

මෙි අතර දෙස් විදෙස් සංවිධාන නඩු පමාව ගැන කතා කරති. බන්ධනාගාර තදබදය ගැන කතා කරති. වායු සමිකරණය කළ කාමර වල සිට ඒවාට විසදුමිද දෙති. නමුත් මෙි කවිරුත් මෙි සමාජ ප‍්‍රශ්න වලට නීතිපති රස පරික්ෂක නිතිඥවරු විනිසුරන් ඇතුලු වෘත්තිකයින්ගේ වගකිම ප‍්‍රශ්න නොකරයි.

අවසාන වශයෙන් කිවහැක්කේ මෙි උගතුන් සහ බුද්ධිමතුන් සාමාන්‍යය ජනතාවගේ ජිවිිත සමග කෙලිසෙල්ලමි කරන බවයි.

   Tell a Friend