සුසන්තිකා ගෘහස්ත ප්‍රචණ්ඩත්වයට එරෙහි වෙයි.

හර්ෂි සි. පෙරේරා
ඔලිම්පික් රිදී පදක්කම් ලාභී හිටපු කෙටි දුර ධාවන ශූරී සුසන්තිකා ජයසිංහට පහරදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි ඇගේ සැමියා වන ධම්මික නන්ද කුමාරට රුපියල් 50,000 ක ශරීර ඇප සහ රු.5,000 ක මුදල් ඇප මත මුදා හැරීමට හොරණ මහේස්ත‍්‍රාත් මහින්ද රණසිංහ මහතා අද (අපේ‍්‍රල් 25) නියෝග කළේය.

සුසන්තිකා විසින් ළමා හා කාන්තා කාර්යාංශයට කරන ලද පැමිණිල්ලකට අනුව සැකකරු හොරණ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ගෘහස්ථ ප‍්‍රචණ්ඩත්වය යන චෝදනාව යටතේ අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

සුසන්තිකාට දරුණු ලෙස වධ හිංසා කරන ලදැයි චෝදනා ලැබූ ධම්මිකට සුසන්තිකාගේ නිවසට ඇතුළුවීම සම්පූර්ණයෙන් තහනම් කළේය. යම් හෙයකින් ඇයට කායික හෝ මානසික පීඩනයක් ඇති කළ හොත් ඇප අවලංගු කරන බවට ද මහේස්ත‍්‍රාත්වරයා නියම කළේය. මීට අමතරව සෑම මසකම අවසන් ඉරිදා දින බණ්ඩාරගම අධිකරණය ඉදිරියේ පෙනී සිටින ලෙසද මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් නියෝග කළේය.

මෙය ඉතාම හොද ප්‍රවණතාවයකි. සුසන්තිකා, ගෙදර ප්‍රචණ්ඩත්වයට ලක් වන සියලු කාන්තාවන්ට හොද ආදර්ශයක් ලබා දී ඇත. ඇයගේ සැම්යාට විරුද්දව නඩු පවරා ඇත්තේ ගෘහස්ත ප්‍රචණ්ඩත්වය වැළැක්වීමේ පනත යටතේය.

නැවත වරක් මෙම නිතිය ගෙන ඒමට උරදුන් සියලු දෙනාට අපේ සුබපැතුම් හිමි විය යුතුය. ඒ වගේම මෙම පනත ගැන අවබෝදයක් ග්‍රාමීය ප්‍රදේශවල කාන්තාවන්ට ලබාදීමට මෙය අවස්ථාවක් කර ගත යුතුය.


Tell a Friend