පැරිස් සිංහල බෞද්ධ කල්ලි ආචාර්ය දයාන් ජයතිලකට එරෙහිවෙයි

පැරිසියේ ක්‍රියාත්මක වන සිංහල බෞද්ධ කල්ලි ගණනාවක් මෑත දී පැරිසියේ තානාපති වශයෙන් පත් වූ අචාර්ය දයාන් ජයතිලක සමඟ වෛර බැඳ ඇතැයි වාර්තා වේ. මෙයට හේතු වී ඇත්තේ තානාපති ජයතිලක සිංහල අලූත් අව්රුද්ද වෙනුවෙන් පැරිසියේ වාසය කරන වන්දරතන හිමි අනුසාසකත්වයෙන් පැවැති උත්සවය අවස්ථාවේ දී එම සංවිධාන වලට අවශ්‍ය පරිදි නොහැසිරීම බව ද වාර්තා වේ. මෙම අව්රුදු උත්සවය වාර්තා කිරීම සඳහා අයිටීඑන් රූපවාහිනිය නියෝජනය කරමින් සුදර්මන් රැදලියගොඩ පැමිණ ඇති අතර ඔහු මෙම කල්ලි ඉල්ලීම පිට තානාපති ජයතිලක විරෝධී ව්‍යාපාරයේ මූලිකත්වය ගෙන ඇතැයි පැරිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

තානාපති කාර්යාලය සිංහල, දෙමළ, මුස්ලිම් හැම අයටම විවෘතව තිබිය යුතු තැනක් බව කියා එය ඉදිරිපිට තිබූ බෞද්ධ ප්‍රතිමාවක් ද ඉවත් කර ඇති ජයතිලක මහතා සිංහල සංවිධානවලට කියා ඇත්තේ තමා කටයුතු කරන්නේ රාජ්‍ය තාන්ත්‍රික රීති අනුව මිස එක එක සංවිධාන අනුව නොවන බව යි.

මහින්ද රාජපක්ෂ විසින් හුදෙක් පැක්ස් පණිවිඩයක් මගින් ජීනීවා තානාපති ධුරයෙන් ඉවත් කරන ලදුව ශ්‍රී ලංකාව හැර ගොස් සිංගප්පූරුවේ රැකියාවක් කරමින් සිටි ආචාර්ය දයාන් ජයතිලක යළි කැදවන ලද්දේ ශ්‍රී ලංකාවේ යුද අපරාධ පිළිබඳව එක්සත් ජාතින්ගේ වාර්තාවට එරෙහිව කටයුතු කිරීම උදෙසා ය. එබැවින් තානාපති ජයතිලක පළවා හැරීමේ පැරිස් සිංහල කල්ලි සහ සුදරමන් වැනි දේශපාලන මාධ්‍යකරුවන් ගේ ව්‍යායාමය උපන්ගෙයිම මිය යාමට නියමිත බව විදේශ අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.

Tell a Friend