අධිරාජ්‍යවාදී මැදිහත්වීම් පරාජය කිරීමට රට තුළ සැබෑ ප්‍රජාතන්ත්‍රවාදයක් ස්ථාපිත විය යුතුයි!

ශ්‍රි ලංකාවේ යුදමය ගැටුම් පැවති අවසන් කාලයේ මානව හිමිකම් කඩවීම් පිළිබඳ උපදෙස් ලබාගැනීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලේකම් බැංකි මූන් මහතා විසින් පත්කළ උපදේශක කමිටුවේ වාර්තාව එළි දක්වා තිබේ. ලංකාවේ කුමන හෝ ප්‍රශ්නයක් දඩමීමා කරගෙන එහි අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීමේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලේකම්වරයාගේ දේ්ශපාලන අරමුණ ප්‍රතිෙක‍ෂ්ප කළ යුතුය. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලේකම්වරයාත්, එක්සත් ජාතීන්ගේ සංවිධානයත් පසුගිය කාලය පුරා ලොව ප්‍රශ්නවලදී කටයුතු කර තිඛෙන ආකාරය දෙස බලන විට පෙනී යන්නේ, ලොව රටවල මානව හිමිකම් රැකීමේ හෝ ප්‍රජාතන්ත්‍රවාදය ආරක‍ෂා කිරීමේ අවංක වුවමනාවකට වඩා වෙනත් දේශපාලන අරමුණු වෙනුවෙන් එවැනි ප්‍රශ්න උපයෝගී කරගන්නා බවය. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලේකම්වරයාගේ උපදේශක කමිටු වාර්තාව දෙස බැලිය යුත්තේ එම කරුණු සිහි තබාගෙනය. එසේම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලේකම්වරයාට ලංකාවේ අභ්‍යන්තර ප්‍රශ්නවලට මැදිහත්වීම සඳහා මග සකස් කළ මහින්ද රාජපක‍ෂ ජනාධිපතිවරයාගේ ප්‍රජාතන්ත්‍රවිරෝධී, හිතුවක්කාරී හා මර්දනකාරී පාලනය විසින් වන නිසා එයද ප්‍රශ්න කළ යුතුය, තේරුම් ගත යුතුය.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලේකම්වරයාට ලංකාවේ මානව හිමිකම් ප්‍රශ්න උපයෝගී කරගෙන මෙලෙස කටයුතු කිරීමට ඉඩ සකස්කර දී ඇත්තේ, අන් කවරෙකුවත් නොව වත්මන් පාලනයමය. යුද්ධය නිමාවී ගෙවුණු වසර දෙකකට ආසන්න කාලය තුළ පවා වත්මන් ආණ්ඩුව රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමට මෙන්ම මානව හිමිකම් රැකීමටද මුළුමනින්ම අසමත් විය. සිය විරුද්ධවාදීන්ට එරෙහිව රට තුළ නිල නොවන සියුම් මර්දනයක් පවත්වාගෙන යනු ලබන ආණ්ඩුව විශේෂයෙන්ම උතුරේ පවත්වාගෙන යන්නේ මර්දනකාරී පාලනයකි. උතුරේ හා නැගෙනහිර පළාත්වල ජීවත්වන ජනතාවගේ, විශේෂයෙන්ම උතුරේ දෙමළ ජනතාවගේ ඉතාම මූලික අයිතීන් පවා ලබාදීමට මේ වනතුරුත් ආණ්ඩුව කටයුතු කර නැත. එම පළාත්වල ජනතාවට බියෙන් සැකයෙන් තොරව ජීවත්වීමට හැකි වටපිටාවක් සහිත සිවිල් පාලනය ස්ථාපිත කිරීම මුරණ්ඩු ලෙස මගහැර ඇති ආණ්ඩුව එමගින් ලංකාවේ ආණ්ඩුව මානව හිමිකම් නොසලකන බව ලෝකයටම පෙන්වා තිබේ.

අනෙක් අතට වත්මන් ආණ්ඩුව රාජ්‍යතාන්ත්‍රිකභාවයේදීද අසමත් වී තිබේ. බොරු දේශප්‍රේමයක් මවා පෙන්වමින් ලාංකේය ජනතාව රැවටීමට විවිධ ප්‍රකාශ කරන අතර ඊනියා "මාරාන්තික උපවාස" සංවිධානය කරවන අතර, අනෙක් අතින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලේකම්වරයා හා නිලධාරීන් සමග මෙන්ම අධිරාජ්‍යවාදී රටවල් සමගද ජනතාවට හොරෙන් විවිධ ගනුදෙනු සාකච්ඡා පවත්වාගෙන යමින් සිටී. දැන් මේ රටට එරෙහිව එල්ල වන්නේ, ආණ්ඩුවේ මෙම අමනෝඥ ක්‍රියාවන්ගේ ප්‍රතිඵලය.

එබැවින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලේකම්වරයාගේ උපදේශක කමිටු වාර්තාව උපයෝගී කරගන වෙනත් දේශපාලන අරමුණු සඳහා ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ප්‍රශ්නවලට මැදිහත්වීම ප්‍රතිෙක‍ෂ්ප කර, ශ්‍රී ලංකාවට එරෙහි අධිරාජ්‍යවාදී මැදිහත් වීම් පරාජය කළ යුතු බව අවධාරණය කරන අපි, එලෙසින්ම එවන් මැදිහත්වීම්වලට පාර කපන වත්මන් ආණ්ඩුවේ මානවවිරෝධී, ප්‍රජාතන්ත්‍රවිරෝධී ක්‍රියාකලාපයද පරාජය කළ යුතු බවත් ශ්‍රී ලංකාවේ ජීවත්වන සියලූම ජනතාවගේ මානව හිමිකම් ආරක‍ෂා කිරීමට හා ප්‍රජාතන්ත්‍රවාදය සැබෑ ලෙසම ස්ථාපිත කිරීමට ආණ්ඩුවට බල කළ යුතු බවත්, ඒ සඳහා සියලූ ජනයා අත්වැල් බැඳගත යුතු බවත්, අවධාරණය කරමු.

- ජනතා විමුක්ති පෙරමුණ

Tell a Friend