ඇමරිකානු රජයේ ආරක‍ෂක හා නීති අංශ ආරක‍ෂක ලේකම්ගෙන් ප්‍රශ්න කිරීමට යයි

ඇමරිකාවේ ස්වදේශ ආරක‍ෂක දෙපාර්තමේන්තුව (Department of Homeland Security) සහ අධිකරණ දෙපාර්තමේන්තුව (Department of Justice) ඇමරිකාවට ගොස් සිටින ආරක‍ෂක ලේකම් නන්දසේන ගෝඨාභය රාජපක‍ෂ මහතාගෙන් ප්‍රශ්න කිරීමට නියමිත බව තානාපති සේවා ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

එක්සත් ජාතීන්ගේ මහලේකම් බැංකිමූන් මහතා විසින් ශ්‍රී ලංකාවේ යුද අපරාධ සිදුවී ඇත්දැයි සොයාබැලීමට පත්කළ විද්වත් කමිටු වාර්තාවෙන් ආරක‍ෂක ලේකම්වරයාට එල්ලවී ඇති චෝදනා සම්බන්ධයෙන් එහිදී ප්‍රශ්න කෙරෙණු ඇති බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.

ඇමරිකානු පුරවැසියෙකුවන නන්දසේන ගෝඨාභය රාජපක‍ෂ මහතා මෙවර ඇමරිකාවට ගොස් ඇත්තේ ඔහුට හිමි ඇමරිකානු විදේශ ගමන් බලපත්‍රයෙනි.

එසේම, තම රටේ පුරවැසියෙකුවන ගෝඨාභය රාජපක‍ෂ මහතා ශ්‍රී ලංකාව තුළ යුද අපරාධ සිදුකර ඇතැයි චෝදනා කරමින් එරට මානව හිමිකම් සංවිධාන කිහිපයක්ද එරට අධිකරණය වෙත යාමට සූදානමින් සිටින බවද ඉහත ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටී.

ගෝඨාභය රාජපක‍ෂ මහතා ඇමරිකාවට ගිය බව අපගේ වෙබ් අඩවිය මගින් අනාවරණය කිරීමෙන් අනතුරුව ඔහු තමාගේ සමීපතම ව්‍යාපාරික ම්ත්‍රයෙකුවන දෙරණ මාධ්‍ය නාලිකාවේ ප්‍රධානී දිලිත් ජයවීර මහතා ලවා ආරක‍ෂක ලේකම් උස්ඛෙකිස්ථානයට ගිය බව සඳහන් ප්‍රවෘත්තියක් zප්ලාන්ට්Z කරනු ලැබීය.

එසේ වුවද අප වෙත වාර්තාවන පරිදි ආරක‍ෂක ලේකම්වරයා ඇමරිකාවට ගොස් ඇත්තේ එරට වෙසෙන ඔහුගේ පවුලේ ඥාතීන් හමුවීම සඳහාය. ගෝඨාභය රාජපක‍ෂ මහතාගේ පුතනුවන්ගේ විවාහ මංගල්‍යය ජුනි මාසයේදී කොළඹදී පැවැත්වෙන අතර එය සියලූ ආරක‍ෂක හමුදාවන්ගේ දායකත්වයෙන් මෙතෙක් ශ්‍රී ලංකාවේ සිදු නොවූ ආකාරයේ විවාහ මංගල්‍ය උත්සවයක් ලෙස අති උත්කර්ෂවත් අන්දමින් සංවිධානය කිරීමට ආරක‍ෂක ලේකම්වරයා දැනටමත් සැලසුම් කර තිබේ.

Tell a Friend