දරුස්මාන් දුටු ආණ්ඩුව, එල් ටි ටි ඊ ය, දේශීය ආයතන සහ ජාත්‍යන්තරය

හර්ෂි සි පෙරේරා

ආණ්ඩුව

විශේෂයෙන්ම කමිටුව යුද්ධයේ අවසන් අදියර වලදිී සිදුවු විශ්වසනීිය චෝදනා රැසක් සොයා ගෙන ඇත. ශ‍්‍රී ලංකා හමුදාව 2008 සැප්තැම්බර් සිට 2009 මැයි දක්වා වු කාලසිමාවේදි වන්නි මෙහෙයුම මහා පරිමාණ සහ පුළුල් ෂෙල් ප‍්‍රහාර යොදා ගනිමින් ආරම්භ කළ අතර ඒ නිසා විශාල සංඛ්‍යාවක් සිවිල් ජනතාව ජිවිතක්ෂයට පත්විය. මෙම මෙහෙයුම වන්නි ජනතාව හිංසනයට පාත‍්‍ර කරන ලදි. සිවිල් වැසියන් 3,33,000ක් පමණ ඉතා කුඩා ප‍්‍රදේශයකට කොටු විය. ඔවුන් ෂෙල් වෙඩි නිසා පලා යන අය වුවත් සිදුවුයේ එල් ටී ටී ඊ යේ ප‍්‍රාණ ඇපකරුවන් බවට පත්වීමය. ආණ්ඩුව සුදු වෑන් රථ මගින් පැහැර ගෙනයාම් සහ පුද්ගලයින් අතුරුදහන් කිරීම මගින් බලාපොරොත්තු වුයේ මාධ්‍යය සහ යුද්ධය විවේචනය කරන අය බියවැද්දිම සහ නිහඩ කිරීමයි.

කමිටුව විසින් අවසන් නිගමනයකට පැමිණි ශ‍්‍රී ලංකා ආණ්ඩව සිදුකළ බරපතල උල්ලංඝණයන් පිළිබඳ චෝදනා විශ්වසනීයව තහවුරු කිරිීමෙන් පසුව ඒවා ප‍්‍රධාන කොටස් පහකට වර්ගීකරණය කර දක්වන ලදීි.

1. පුළුල්ව එල්ල කරන ලද ෂෙල් ප‍්‍රහාර මගින් සිවිල් වැසියන් මරාදැමීම
2. රෝහල් වලට සහ මානුෂිය කටයුතු සිදුකෙරෙන ස්ථාන වලට ෂෙල් ප‍්‍රහාර එල්ල කිරීම
3.මානුෂීය සහන සැලසිම ප‍්‍රතික්ෂේප කිරීම.
4. අවතැන් වුවන් සහ එල් ටී ටී ඊ යැයි සැකකළ පුද්ගලයින් යන දෙපිරිසම ඇතුළුව ගැටුම හේතුවෙන් වින්දිතයින් සහ නොනැසී ජිවිතය පවත්වා ගෙන යන අය පිඩාවට පත් කරමින් සිදුකළ මානව හිමිකම් උල්ලංඝණය කිරීම්.
5. ගැටුම සහිත කලාපයෙන් පරිබාහිරව මාධ්‍ය සහ ආණ්ඩුව විවේචනය කරපු සෙසු අයද ඇතුළත්ව සිදු වු මානව හිමිකම් උල්ලංඝණය කිරීම්.


එල් ටි ටි ඊ ය

2009 පෙබරවාරි මස සිට එල් ටී ටී ඊ ය ගැටුම් පැවති කලාපයෙන් පැනයාමට උත්සාහ කරන සිවිල් වැසියන්ට එකඑල්ලේ වෙඩි තැබීම ආරම්භ කළහ. එය යුද්ධයේ අවසන් අදියරේදි මරණ සංඛ්‍යාව ඉහළ යාමට බලපාන ලදීි. ඔවුන් අවතැන් වු ජනයා සමුහ වශයෙන් සිටින ස්ථාන ආසන්නයේ සිට කාලතුවක්කු ප‍්‍රහාර එල්ල කළහ. ඊට අමතරව අවතැන්වුවන් හෝ සිවිල් ජනයා ගැවසෙන රෝහල් ආසන්නයේ සිට වෙඩි තැබීම හෝ යුධමය උපකරණ තැන්පත් කිරීම සිදුකරන ලදී. එල් ටී ටී ඊ ය යුද්ධයේ අවසන් අදියරයන් පුරාම ගැටුම් සහිත කලාපයෙන් බාහිරව මරා ගෙන මැරෙන ප‍්‍රහාර එල්ල කළහ. කෙසේ නමුත් ගැටුමේ පෙර අදියර වලට වඩා ඔවුන්ගේ එම ප‍්‍රහාර දියත් කිරීම දුර්වල විය. ඔවුන් ගැටුම් සහිත කලාපයෙන් පරිබාහිරව සිවිල් වැසියන් එල්ල කොට ප‍්‍රහාර ගණනාවක් දියත් කළහ.

කමිටුව තිරණය කර විශ්වසනිය ලෙස තෝරාගත් යුද්ධයේ අවසන් අදියරේදි එල් ටී ටී ඊ ය සම්බන්ධ වු බරපතල උල්ලංඝණයන් පිළිබඳ චෝදනා වලින් ප‍්‍රධාන කේන්ද්‍රීය කරුණු සයක් පහත පරිදිය.

1. සිවිල් වැසියන් මනුෂ්‍යය පළිහක් ලෙස යොදා ගැනිම.
2. එල් ටී ටී ඊ පාලනයෙන් මිදී පලායන සිවිල් වැසියන් මරා දැමීම.
3. සිවිල් වැසියන් ගැවසෙන ස්ථාන වලදී හමුදා උපකරණ භාවිතය.
4.බලහත්කාරයෙන් ළමුන් බඳවා ගැනීම.
5. බලහත්කාරයෙන් මිනිස් ශ‍්‍රමය ලබා ගැනීම.
6. මරාගෙන මැරෙන ප‍්‍රහාර මගින් සිවිල් වැසියන් ඝාතනය කිරීම.

දේශීය ආයතන

වගකීිම ළඟා කරදෙන සෙසු දේශීය ආයතනද බරපතල දුර්වලතාවයන් පෙන්නුම් කරයි. දශක තුනකට වැඩි කාලයක් තිස්සේ බරපතල මානව හිමිකම් උල්ලංඝණයන් විභාග කිරීමට පරික්ෂණ කොමිෂන් සභා පිහිටුවන ලදීි. ඉන් සමහරක් වඩා හොඳින් තොරතුරු සොයා ගැනීිමේ ඉලක්කයන් සමිපුර්ණ කරන ලදී. නමුත් මෙම කොමිෂන් සභා වැඩිහරියක් හඳුනාගත් උල්ලංඝණයන් සම්බන්ධයෙන් පුළුල්ව වගකීිම පිළිබඳ ප‍්‍රතිඵලය අත්කර ගැනීිමට අපොහොසත් විය. කොමිෂන් සභා බොහොමයක් ප‍්‍රසිද්ධ වාර්තාවක් ඉදිරිපත් කිරිමට සමත්වුයේ නැත. ඒවාගේම කොමිෂන් සභාවල නිර්දේශයන් ක‍්‍රියාත්මක වුයේ අල්පමාත‍්‍ර වශයෙනි. ශ‍්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිෂම සමහරක් අංශයන්ගෙන් මෙම වගකිම ඉහළ දැමීමට යම් දායකත්වයක් සපයන ලදී. නමුත් කමිටුවට මේ ගැන බරපතල කොන්දේසි ඇත. තවද කමිටුව විශ්වාස කරන ආකාරයට මානව හිමිකම් කොමිෂම අතුරුදහන් වු පුද්ගලයින් සමිබන්ධ සිද්ධි වලදි සහ රඳවාගෙන සිටින පුද්ගලයින්ගේ සුභසාධනය අධීක්ෂණය කිරීමේදි මීට වඩා දේශපාලනමය උවමනාවකින් සහ උපායකෞෂල්‍යයකින් කටයුතු කළ යුතුය.

ජාත්‍යන්තරය

යුද්ධයේ අවසන් අදියර අතරතුර කාලයේදී එක්සත් ජාතීන්ගේ දේශපාලන අංශ සහ ආයතන සිවිල් ජනයා ආරක්ෂා කිරීමට ගතයුතු පියවර ගැනීමට අපොහොසත් විය. වැඩිවශයෙන් ජාත්‍යන්තර මට්ටමේ ජේ්‍යෂ්ඨ නිළධාරීන් ප‍්‍රසිද්ධියේ සහ පෞද්ගලිකව ආණ්ඩුවට උපදෙස් දෙන ලදී. ඔවුන් සිවිල් වැසියන් ආරක්ෂා කරන ලෙසත් රෝහල් වලට සහ එක්සත් ජාතීන් හෝ ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයේ ගොඩනැගිලි පිහිටි ස්ථාන වලට ෂෙල් ප‍්‍රහාර එල්ල කිරිමෙන් වළකින ලෙසත් පැවසුහ. කමිටුව දරණ මතය වන්නේ තුවාලකරුවන්ගේ සංඛ්‍යා ප‍්‍රසිද්ධවීම නිසා සිවිල් ජනයා ආරක්ෂා කරන ලෙස කළ ඉල්ලීමි දැඩි වු බවත් ඒ අතරවාරයේ වන්නියේ ඇති වු එවැනි සිද්ධීන් හෙලිදරව් වු බවත්ය. ඊට අමතරව යුද්ධය අවසන්වීමත් සමග මානව හිමිකම් කවුන්සිලය 2009 මැයි මාසයේ ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් වු සිය යෝජනාව සම්මත කරන ලදි. එය අසම්පුර්ණ තොරතුරු මත පදනම්ව සිදුකරන ලද්දකි.

උපුටා ගැනීම - එක්සත් ජාතීන්ගේ කමිටු වාර්තාවේ සම්පිණ්ඩනය (නිලනොවන)
   Tell a Friend