ටයිමි සුපර් ස්ටාර්

2011 වසරේ ලොව බෙහෙවින්ම බලගතු පුද්ගලයන් සිය දෙනා තේරීම සඳහා ටයිම් සඟරාව පැවැත්වූ ඡන්දයෙන් ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඡන්ද 86877ක් ලබා හයවැනි ස්ථානයට පත් වී සිටියි. රාජ්‍ය පාලකයන්, කලාකරුවන්, නව නිපැයුම්කරුවන්, ජනප‍්‍රිය පුද්ගලයන් හා විරුවන් අතරින් මෙම සිය දෙනා තෝරා ගැනෙයි. ලබන 21 වැනි දා එම ලැයිස්තුව ප‍්‍රකාශයට පත් කිරීමට නියමිතය. ඇමෙරිකා ජනාධිපති බිරිය මිෂෙල් ඔබාමා තිස්වැනි තැනට ද, මියන් මාරයේ අවුන්සාන් සූකි 39 වැනි තැනට ද, ඇමෙරිකා රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් 42 වැනි තැනට ද ඇමෙරිකා ජනාධිපති බරක් ඔබාමා 46 වැනි තැනට ද ඉන්දියා කොන්ග‍්‍රස් නායිකා සෝනියා ගාන්ධි 95 වැනි තැනට ද ඡන්ද ලබා සිටිති. දකුණු කොරියා නායක රේන් (ජන් ජී හුන්) ඡන්ද 443656ක් ලබා එම ලැයිස්තුවේ මුල්තැනට පත් වී සිටියි. තායිවාන් නළු ජේ. චෞ (ඡන්ද 245575) දෙවැනි තැනට ද නළුවකු වන සුසන් බොයිල් (157885)තෙවැනි තැනට ද, තායිවාන් සමාජසේවා භික්ෂුවක වන චෙන් යෙන් (ඡන්ද 95670) හතර වැනි තැනට ද ඇමෙරිකා ගයිකාවක වන බියෝන්සේ (ඡන්ද 78505) පස්වැනි තැනට ද තේරී සිටිති.

මෙි තරගය හරියටම ලංකාවෙ සුපර් ස්ටාර් සහ ඩාන්සින් ස්ටාර්ට සමානය. ඊ මෙල් හරහා ඡන්දය දිම මොබයිල් ෆෝන් ඔස්සේ එස්. එමි. එස් ගැසිමට සමානය. එක් පුද්ගලයෙකුට ඔන තරමක් ඊ මෙල් යැවිය හැක.

ජනාධිපති රාජපක්ෂ හයවැනි ස්ථානයට පත්වුයේ සැලසුමි සහගතව ඊ මෙල් යැවිමෙ වැඩපිළිවෙලක් නිසාය.  දෙදෙනකුට ෙහා් ඒකතු වි ෙමම ඡන්ද සංඛ්‍යාව ලබා දිය හැක. ටයිමි සගරාවෙ මෙම අදබාල වැඩෙ සියල්ලන්ගේ පිළිකුලට ලක් විය යුතුය.


හර්ෂි සී. පෙරේරා