වෙනදා ජනාධිපති පවුල සමග මෙම උළෙලට සහභාගී වන වැඩිමල් සොයුරු කථානායක චමල් රාජපක්‍ෂ මහතා හෝ ඊයේ(14* කාල්ටන් අවුරුදු චාරිත‍්‍ර උළෙලට සහභාගී නොවීම කැපී පෙනෙන්නක් විය.
මේ අතර මේ දිනවල අමාත්‍ය මර්වින් සිල්වා ඇමැතිවරයා වෙත ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ හෙනහුරු බැල්ම වැටී තිබෙන්නේද බැසිල් කැපිල්ලේ තවත් කොටසක් ලෙස බව ශ‍්‍රීලනිප අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. මර්වින් සිල්වා මහතා බැසිල් රාජපක්‍ෂ මහතාව අගමැති ලෙස පත් කරන්නැයි කළ ඉල්ලීම ගැන ගෝඨාභය රාජපක්‍ෂ මහතා ද මහින්ද රාජපක්‍ෂ පවුල ද නොසතුටට පත්ව තිබෙන බව පැවසේ.
මේ හේතුව නිසා මර්වින්ගේ ගෝල බාලයන් සිරගෙට දමා මර්වින්ගේ තටු කපා බැසිල්වද මට්ටු කිරීමේ වැඩ පිළිවෙලක් ලෙස නින්දෙන් ඇහැරුනා සේ හදිසියේම පෑලියගොඩ කප්පම් කරුවන් ඇල්ලීම සිදු වූ බව ශ‍්‍රීලනිප ඇතුලත ආරංචි පවසයි
මහින්ද රාජපක්‍ෂ සහ ගෝඨාභය රාජපක්‍ෂ දෙදෙනා ජත්‍යන්තරයේ විරෝධයට පත්ව තිබෙද්දී විපක්‍ෂයේ ද එකමුතු කමක් නොමැති තත්ත්වයක් තුල අවශ්‍ය වුවහොත් බැසිල් රාජපක්‍ෂ ට බලය හුවමාරු කිරීම ගැන ලංකාවට බලපාන බලවත් විදේශ රටක තානාපති මට්ටමේ කෙරුණු කතාවක් අරලිය ගහ මන්දිරයට ආරංචි වීමෙන් පසු ‘බැසිල් කැපිල්ල’ වේගවත් වී ඇතැයිද අරලිය ගහ මන්දිර අභ්‍යන්තර ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.
Post a Comment