ඇත්තටම රට නැවත අගාදයකට ඇද දමන්නේ කවුද?



උතුර

මඩකලපුව වාකරේ කට්ටමුණි ප‍්‍රදේශයේ පිහිටුවා ඇති 233 වන බල සේනා මූලස්ථානයේ සේවයේ නියුතු සෙබලෙක් එම ප‍්‍රදේශයේ දර කඩන්නට ගිය වයස අවුරුදු 16 ක දෙමළ ජාතික සිසු දැරිවියක් දුෂණය කොට තිබේ. දුෂණයට ලක්වූ සිසු දැරිවියගේ දෙමාපියන් මේ පිළබඳව අද වාකරේ පොලීසියට පැමිණිලි කොට තිබේ.


දකුණ

දක්ෂිණ ලංකා අධිවෙගි මාර්ගය පිළිබද කරුණක් කතා කරන්න පෝමන් මහත්තයා ඇතුලු නිළධාරින් කිහිපදෙනෙක් සරණිගේ නිවසට පැමිණියහ. එක් දරු මවක් වන සරණි වවුලුගල කන්ද, අදුරත්විල, පොද්දල ගමෙ පදිංචිකාරියකි. ඇය ඒ අවස්ථාවෙි] පෙර පාසල් ගිය සිගිති දියණියව ගෙදර ගෙන එමට යන්නට සුදානමි වුවාය.


ඇයට කඩුල්ල දෙසින් ගොරොසු කටහඩකින් අඩෝ කියනු ඇසිණි. එළියට පැමිණි ඇය දුටුවෙ පොලිසි නිළධාරින් කිහිපදෙනෙකු තම සැමියාට පහර දෙන ආකාරයයි. ඇය වහාම 118 සහ 119 ට දුරකථන ඇමතුමි ලබා ගන්නා ලදි. ටික වෙලාවකින් පොලිසියේ පිරිස යන්නට ගියහ. සරණි එළියට ගොස් පොමන් මහතා සමග සුහදව කතා කළාය. ඇය ආපසු නිවසට ඒමට සැරසෙනවාත් සමග නැවත ඉතා වෙගයෙන් පොලිස් ජිප් රථය පැමිණෙන ලදි. එයින් බැස ගත් එස් අයි සමරජිව ඇගේ අතට පොල්ලකින් පහරදි ඇද ජිප් රථය තුළට දමා ගනු ලැබිණි.


බස්නාහිර

මිරිහාන පොලිසියේ නිලධාරියෙකු වන බංඩාර නැමැත්තා - තවත් නිලධාරීන් හා එක්ව, රංජිත් සුමංගලට දැඩි වධ දුන්නේ - මිරිහාන පොලිස් වධකාගාරය තුලය. දිනක් ඔහුව නිවසට ගෙනගොස් බිරිද හා දරුවන් ඉදිරියේ දොර පොල්ල කැඩෙනකන් පහර දුන්නේය.


 තිරිසනුන් ලෙස මේ පොලිස් කාරයින් හැසිරුනේ හිටපු හමුදා නිලධාරියෙකුගේ අවශ්‍යතාවයටය. වධ දීමෙන් අනතුරුව - ඔහුට විරුද්ධව බොරු නඩු දැමීමටද මෙම පොලිස්කාරයෝ අමතක නොකලහ. රංජිත් සුමංගල - පොලිස්පති ඇතුලු සියලු වගකිවයුත්තන්ට පැමිණිලි කලා. එහෙත් අපරාධකාරයින්ට එරෙහිව රටේ නීතිය නම් ක්‍රියාත්මක වූයේ නැත. රංජිත් - ශ්‍රේෂ්ඨාධීකරණයට ගියේ යුක්තිය ලබා ගැනීමටය.

 

වයබ

විදුහල්පතිවරයකු පහරදීමේ සිද්ධියකින් සිත් තැවුලට පත් පාසල් සිසුවෙක් ගෙල වැලලාගෙන සියදිවි හානිකරගෙන තිබේ. මෙසේ සිය දිවි හානිකරගෙන ඇත්තේ දැදිගම මහපල්ලේගම, ශාන්තිපුර පදිංචි සිසිර ලලිත් ගුණවර්ධන (16) නැමති සිසුවෙකි. ඔහු දැදිගම මහපල්ලේගම සේනානායක මහා විද්‍යාලයේ 11 වැනි වසරේ ඉගෙන ගනිමින් සිටි අයෙකි.

ඉහත ආකාරයේ සිදුවීම් රටේ සෑම ප්‍රදේශයකින්ම පාහේ වාර්තා වෙයි. ඒ අනුව ඔබ තීරණය කරන්න කවුද රට අගාදයකට ඇද දමන්නේ කියා? බැන්කි මූන් , හිලරි ක්ලින්ටන් ඇතුළු බටහිර බලවතුන්ද? නැත. ප්‍රදනවම මේ සිද්දීන් වැසීමට උත්සහ කරන ඒ පිලිබදව නිහඩව සිටින ශ්‍රී ලංකාවේ ඊනියා බුද්දිමතුන් උගතුන් මේවාට බරපතල ලෙස වගකිව යුතුය.

හර්ෂි සි. පෙරේරා