ඊයේ ජාතික රූපවාහිනිය ඇමතූ මහාචාර්යවරයා දැන් ප‍්‍රකාශ කරන්නේ තමා පැවසුවේ සුනාමි තත්වයක් ගැන නොව භූකම්පණයක් ගැන බවත් භූමිකම්පාවක් ඇතිවීමට ඉඩකඩ ඇති නමුත් එය සුනාමියක් වේවි යයි තමා නොකියන බවත් කියූ අතර ඒ ගැන කලබලවිය යුතු නැතැයිද ජනතාවට දන්වා සිටියේය.
මේ අතර සුනාමි අනතුරු ඇ`ගවීමේ ජාතික මධ්‍යස්ථානයද ඊයේ නිවේදනයක් නිකුත් කරමින් සුනාමි බියක් නැති බවත් එවැන්නක් ගැන හෝඩුවාවක් ඇති නම් මාධ්‍ය ඔස්සේ දැනුම්දීමට ඉක්මණින් කටුයුතු කරන බවත් දන්වා සිටි අතර ජනතාවට කලබල නොවන ලෙසද දන්වා සිටියේය.

Post a Comment