හමුදා සෙබළෙක් සිසු දැරිවියක දුෂණය කරලා.

මඩකලපුව වාකරේ කට්ටමුණි ප‍්‍රදේශයේ පිහිටුවා ඇති 233 වන බල සේනා මූලස්ථානයේ සේවයේ නියුතු සෙබලෙක් එම ප‍්‍රදේශයේ දර කඩන්නට ගිය වයස අවුරුදු 16 ක දෙමළ ජාතික සිසු දැරිවියක් දුෂණය කොට තිබේ.

දුෂණයට ලක්වූ සිසු දැරිවියගේ දෙමාපියන් මේ පිළබඳව අද වාකරේ පොලීසියට පැමිණිලි කොට තිබේ.

පසුගිය ජනවාරි මාසයේ 22 දා දර කඩන්නට කැලයට ගිය අවස්ථාවේදී තමා හමුදා සෙබලෙකු විසින් දුෂනය කළ බවත් මේ හේතුවෙන් මේ වන විට තම කුස තුල මාස 3 ක දරු ගැබක් හටගෙන ඇති බවත් එම දැරිවිය කළ පැමිණිල්ලේ සඳහන් ය.

සිද්ධිය වූ දිනයේ තමා මේ පිළිබඳව දෙමවිපියනට හෝ පොලීසියට හෝ නොදැන්වූයේ හමුදාව තමා මරා දමාවියැයි ඇති වූ බිය නිසා බවත් දැරිවිය පොලීසියට ප‍්‍රකාශ කර ඇත.

මෙම අපරාධය කළ හමුදා සෙබලා යලි දුටුවහොත් හැඳිනිය හැකි බව ඇය පොලීසියට ප‍්‍රකාශ කර ඇති බවැන් එම හමුදා සෙබලා අත් අඩංගුවට ගැනීමට පොලීසිය අධිකරණ නියෝගයක් ගැනීමට බලාපොරොත්තු වන බව ‘ලංකා ඊ නිව්ස්’ වෙත වාකරේ පොලිසියේ ප‍්‍රකාශකයෙකු පැවසීය.

සිද්ධියට සම්බන්ධයැයි සැක කෙරෙන හමුදා මූලස්ථානයේ අණ දෙන නිලධාරීවරයා වන්නේ බි‍්‍රගේඩියර් තිලක් වීරසේන මහතා වේ.