හර්ෂි සි. පෙරේරා
මම එච් වික්ටර්. වයස අවුරුදු 50 යි. පවුද්ගලික ආයතනයක සේවය කරනවා. පදිංචිවෙලා ඉන්නේ අක්කර 33 පාලයන්ගොඩ, බෝබුවල. මේ සිද්දීයවුනේ මගේ දෙවැනි පුතාට. ඒ 2009.06.04 වන දින. ඔහුගේ නම මදුශ එරංග. එතකොට පුතාගේ වයස අවුරුදු 23 යි. දැන් එයා විදේශගත වී රැකියාවක් කරනවා.
2009.06.04 දින පුතා අසල කඩයකට ගියා. ඔහු පාරේ යනවිට දොඩන්ගොඩ පොලිසියෙන් අහල තියෙනවා ගංජා තියෙනවද කියල. මේයා නැහැයි කියුවම ඒවා ගන්නහැටි අපි දන්නවා කියල මෙයට අතින් පහරදීලා පාරේ බලෙන් වැඩි කරවල සියලුම ඇදුන් ගලවල තියෙනවා. මේක වෙලාතියෙන්නේ මතුගම කළුතර පාරේ රෙජිහවත්ත ගාමන්ට් එක ළගදි. මෙයාගේ ෆෝන් එකත් පොලිසිය අරගෙන.
14 වැනිදා පුතා එයාගේ අම්මත් එක්කයි යාළුවෙක් එක්කයි පොලිසියට ගියා ෆෝන් එක ගන්න. එවිට පොලිස් නිලදාරීන් පුතාට හොදටම අතින් පයින් ගහල බිම දන ගහගෙන ඉන්න බලකරලා තියෙනවා. ඊට පස්සේ පොලිසියේ තිබෙන බරපොත් ගණනාවක් ඔහු අත් දෙක ඉස්සුවම ඒ උසට ඔලුව උඩ තියල තියෙනවා. හැබැයි ඔහුව කුඩුවට දාලා නැහැ. මේ ආකාරයට පැය දෙකක් පමණ පොලසියේ තියාගෙන ඉදල තියෙනවා. පස්සේ පුතාලගේ අම්මා, මට සිල්ලිත් ෆොනුත් එපයි පොලිස්කාරයින්ට කියල පුතාවයි එයාගේ යාලුවවයි ගෙදර එක්කගෙන ආවා.
ගෙදර ආවාට පස්සේ හවස පුතා වමනේ දැම්මා. පසුව නාගොඩ රෝහලේ දින දෙකක් නේවාසිකව ප්රතිකාර ලැබුවා. රෝහල් පොලිසිය කටඋත්තරයක් ලියා ගත්තා. අපෙන් ඇහුව නඩු දානවද කියල මම ඔව් කීයුවා.
අපි ජනසන්සදයට ඇවිල්ල උපදෙස් අරගෙන අපිම අත්සන් කරලා නීතිපති, ජේස්ට පොලිස් අදිකාරී, පොලිස්පති, පොලිස් කොමිසම සහ මානව හිමිකම් කොමිසමට පැමිණිලි කළා.
මානව හිමිකම් කොමිසමේ පැමිණිල්ල විබාග වෙමින් තියෙනවා. අපේ පැමිණිල්ල දෙවන දිනයේ මානව හිමිකම් කොමිසම විසින් විබාග කළ අවස්ථාවේ අපිට එන්න කියුවේ 10 ට වුනත් අපි 9 ට ගියා. හරිනම් නිසිපිළිවෙළ තමයි දෙගොල්ලන්වම එකට ගෙන විමර්ශන කරන එක. නමුත් අපි යනවිට පොලිස් නිලදාරියව ඇතුලට අරගෙන.
මගේ නෝනා ගෙන් ඇහුව වරදකරුවා හදුනනවාද කියල. නමුත් පොලිස් නිලදාරියා වාඩි වෙලහිටිය ආකාරයට ඔහු හරියට මගේ බිරිද හදුනුවේ නැහැ. පස්සේ ආවරණ නිලදාරිනිය පැමිණියා. එතකොට මම එහා පුටුවට ගියා මම වාඩිවෙලා හිටපු පුටුවේ බිරිද වාඩිවුණා. එතකොට ඇය හරියටම පොලිස් නිලදාරියව දැක්ක. ඇය කිවුව මේයා තමයි නිලදාරියා කියා. නමුත් පොලිස් නිලදාරියා දිගින් දිගටම කිවුව මගේ බිරිද එහෙම කියුවේ මම පෙන්නපු නිසා කියලා. නීතිය කාටත් එකනම් එක වෙලාවට අපි දෙගොල්ලන්ව එකට ගන්න ඕන.
Post a Comment