අධිකරණ සේවා කොමිසමේ ලේකම් ඇප දෙන්නැයි නියෝග දීලා

ශ්‍රේෂ්ඨාධිකරන වරෙන්තුවකට අනුව අනුරාධපුර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන පසුගිය පෙබරවාරි (20* වනදින අධිකරණයට ඉදිරිපත් කළ උතුරු මැද පළාත් ඉඩම් කොමසාරිස් සරත් විජේසිංහ මහතා රිමාන්ඞ්බාරයට පත්කරන ලෙස අනුරාධපුර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් දර්ශිකා විමලසිරි මෙනවිය නියෝග කිර තිබියදී, එම නියෝගය නොතකා හැර එදිනම පැය දෙකක් ඇතුලත විත්තිකාර සරත් විජේසිංහ මහතා ඇපමත මුදාහරින්නැයි අනුරාධපුර අතිරේක මහේස්ත‍්‍රාත් චන්දිම එදිරිමාන්න මහතාට අධිකරන සේවා කොමිසම් සභාවේ ලේකම් ප‍්‍රියන්ත ද සිල්වා මහතා නියෝග කර ඇත.

අධිකරන සේවා කොමිසම් සභාවේ ලේකම් ප‍්‍රියාන්ත ද සිල්වා මහතා දුරකථනය මගින් ලබාදුන් නියෝගයකට අනුව තමා විසින් මෙලෙස විත්තිකරුට ඇප ලබාදෙන බව අතිරේක මහේස්ත‍්‍රාත් චන්දිම එදිරිමාන්න මහතා එම නඩු වාර්තාවේ සටහන් කර ඇත.
සරත් විජේසිංහ මහතා රිමාන්ඞ් බන්ධනාගාරගත කළ අනුරාධපුර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු දර්ශිකා විමලසිරි මෙනවිය මැයි 01දා සිට වහාම ක‍්‍රියාත්මක වනපරිදි මතුගම නව මහේස්ත‍්‍රාත්වරිය ලෙස මාරුකොට යවා ඇති අතර ඇයගේ පුරප්පාඩුවට පත්කොට ඇත්තේ අනුරාධපුර අතිරේක මහේස්ත‍්‍රාත් චන්දිම එදිරිමාන්න මහතාය.

චන්දිම එදිරිමාන්න මහතා මාස 8ක පමණ පළපුරුද්දක් ඇති නවක මහේස්ත‍්‍රාත්වරයෙකු වන බැවින් එවැනි අධිකරණ නිලධාරියෙකු අනුරාධපුර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් තනතුර සඳහා උචිතද යන්න පිළිබද මතභේදයක්ද පැනනැගී ඇත.

මේ පිළිබදව අප අධිකරන සේවා කොමිසම් සභාවේ ලේකම් ප‍්‍රියන්ත ද සිල්වා මහතාගෙන් විමසා සිටි විට පිලිතුරු දුන් ලේකම්වරයා, තමාට ඉහළින් ලැබුනු නියෝගයක් අනුව ක‍්‍රියාකළ සරත් විජේසිංහ මහතාට ඇප ලබාදීම සඳහා අනුරාධපුර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරිය දුරකථනයට සම්බන්ධ කරගැනීමට උත්සාහ දැරුවත් එය ව්‍යර්ථවූ පසු අතිරේක මහේස්ත‍්‍රාත්වරයා අමතා එලෙස ඇප ලබාදෙන්නැයි පවසා සිටි බව සඳහන් කළේය.

අනුරාධපුර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරිය මතුගම නව මහේස්ත‍්‍රාත්වරිය ලෙස මාරුකර යවා අතිරේක මහේස්ත‍්‍රාත් චන්දිම එරිදිමාන්න මහතා අනුරාධපුර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරයා ලෙස සිදුකළ පත්කිරීම නීත්‍යානුකූල දැයි අප විමසූ විට අධිකරණ සේවා කොමිසම් සභාවේ ලේකම්වරයා පවසා සිටියේ, තම නිලතත්වය මත එවැනි තීන්දුවක් ගතහැකි බවය. ඒ සඳහා අධිකරන සේවා කොමිසම අවසර ලබාදී ඇත්දැයි විමසූ විට තමා නිත්‍යානුකූලව ක‍්‍රියාකර ඇති බව පමණක් පැවසිය හැකි බව හෙතෙම පැවසීය.

මතුගම අධිකරන කළාපයේ විශාල වශයෙන් නඩු ගොඩගැසී ඇති තත්ත්වය මත සහ මතුගම සිටි මහේස්ත‍්‍රාත්වරියගේ පෞද්ගලික අපහසුතාවක් පිළිබදව කළ ඉල්ලීමක් සලකා බලා දර්ශිකා විමසිරි මෙනවිය මතුගම මහේස්ත‍්‍රාත්වරිය ලෙස පත්කළ බවද ඔහු පැවසීය.

අනුරාධපුර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ධූරය සඳහා මාස 8ක් පමන සේවා කාලයක් ඇති අයෙකු පත්කිරීම පිළිබදව විමසූ විට අධිකරණ සේවා කොමිසමේ ලේකම්වරයා පැවසූවේ, එවැනි පත්වීමක් කිරීමට තමාට බලය ඇති බවය.

ආණ්ඩුව ක‍්‍රම ව්‍යවස්ථාවේ ෂෂෂ විව්‍යස්ථාවට අනුව විනිශ්චයකාරවරුන් පත්කිරීම විනය පාලනය හා ස්ථාන මාරුකිරීම අධිකරන සේවා කොමිසම මගින් ගනු ලබන තීරණ මත සිදකළ යුතු අතර අධිකරණ සේවා කොමිසමේ ලේකම්වරයාට කළ හැක්කේ එම තීරණ අදාල පුද්ගලයන්ට දැනුම්දීම පමණි.

අප කළ කරුනු විමසීමේදී අධිකරණ සේවා කොමිසමේ ලේකම්වරයා සැමවිටම පවසා සිටියේ ඉහලින් ලැබුනු නියෝගයක් ක‍්‍රියාත්මක කළ බව විනා අධිකරණ සේවා කොමිසමේ තීන්දු තීරණ අදාල පුද්ගලයන්ට දන්වා සිටි බව නොවේ.

- රාවය