නිතිය, යුක්තිය, අල්ලස සහ දුෂණය

හර්ෂි සි. පෙරේරා
පහත සදහන් වන්නේ ලංකා ඉ නිවුස් පුවතකි.

අවිස්සාවේල්ල මහේස්ත‍්‍රාත් අධිකරණය නිරන්තරයෙන්ම මහජනයා හා කටයුතු කරන ස්ථානයකි. ඇප බැඳීම, සිරකරුවන් නිදහස් කර ගැනීම, කාර්ය සටහන් යතුරු ලියනය කරවා ගැනීම, නඩු වාර්තා ලබා ගැනිම, නඩු තීන්දු ක‍්‍රියාත්මක කරවා ගැනීම, පිටපත් ලබා ගැනීම ආදිය සිදු කළ යුත්තේ එකී කාර්ය මණ්ඩලය මගිනි. නමුත් පැය කිහිපයක් අතුලත ආයාසයකින් තොරව ඉටු කළ හැකි මෙවන් කාර්යයන් සඳහා අවම වශයෙන් හෝ රුපියල් 100 ක හෝ ගතමනාවක් අතමිට මෙලවිමට සිදුවන්නේ නම් එය කෙතරම් අභාග්‍යයක් ද ? අල්ලස් නොදුනහොත් එකී කටයුත්ත සති මාස ගණනින් කල්දැමීම මොවුන්ගේ සාමාන්‍ය සිරිතය. ඇතැම් මව්වරු, බිරින්දෑවරු සිය දරුවන් කර පින්නා ගෙන දින ගණන් මේ ස්ථානයට පැමිණීමට සිදුවන වාර අනන්තය. නමුත් අත යටින් යමක් දෙන්නේ නම් එය ඉතා පහසුවෙන් කර ගැනීමට හැකිය. රජයේ මුදලින් වැටුප් ලබන රජයේ සේවකයා මේ ද්‍රෝහී වන්නේ සාමාන්‍ය ජනතාවට පමණක් නොව රටටය.

මෙය අවිස්සාවේල්ලට පමණක් නොව ලංකාවේ සෑම ප්‍රදේශයකටම පොදුය. මේ නිදසුන අදිකරණයක රෙජිස්ටර් කාර්යාල පිලිබදවයි. නමුත් නීතිපති දෙපාර්තමේන්තුව ගැන කුමක් කියමුද? එහි ලිපිකරුවන්ට ලිපිගොනු යටියන්තොට යැවීම සාමාන්‍ය ජන වහරයි. ඒ විතරක් නොව ඊයේ පෙරේදා සිට සිදුවන බලවත්ම කෙදවාචකය ඇතැම් රජයේ නිතිඥාවරුන්ට අදිකරණ බුමිය තුලදීම පොලිස් නිලදාරීන් කට්ලස් පැටිස් වලින් කරනු ලබන සංග්‍රහයයි.

නීති විද්‍යාලයේ අවසන් වසර විබාගයට සිසුන් ටියුෂන් ගැනීමට පුරුදුව සිටිති. මේ ටියුෂන් ලබාදෙන වුර්තියෙන් නිතින්ඥයෙකු වූ එක්තරා ගුරෙක් තමන් ගෙන් ඉගෙන ගන්න නීති සිසුන්ට කියා ඇත්තේ පගා ගැනීමට මෙන්ම පගා දීමද ඉගෙන ගතයුතු බවයි.

අප ජිවත් වන්නේ මෙවන් යුක්තියක් පවත්නා රටකය. මේ දුෂණය බෝහොකලක පටන් සිදු විය. නමුත් දැන් ඒ ගැන ඊට විරුද්දව කතා කරන්නට ලියන්නට පටන් ගෙන ඇත. මෙය අකණ්ඩව දිගින් දිගටම කල යුතුය. මේවා බෝක්කු උඩ කඩ පිලේ නාන තොටේ කතා කිරීමට සාමාන්‍ය ජනතාව පටන් ගැනීම මේ තත්වයෙන් අත්මිදීමේ සමාරම්බක පියවරයි.


   Tell a Friend