දිවයින ඇයි මර්වින්ගේ නම කියන්නේ නැත්තේ

අමිල ගුණරත්න

2011 අප්‍රේල් 22 සිකුරාදා දිවයින පුවත් පතේ ඒ. ඡේ. ඒ. අබේනායක මෙසේ වාර්තා කරයි.

ඇමෙරිකානු ව්‍යාපාරිකයකුගේ ගිණුමෙන් 98,50,000 ක්‌ වංචා කළැයි ඇමැති සම්බන්ධීකරණ ලේකම් මැයි 4 වැනිදා දක්‌වා රිමාන්ඩ්

කෘෂි නිෂ්පාදන හා හෝටල් ව්‍යාපෘතියක්‌ ආරම්භ කිරීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණි ඇමරිකානු ජාතික ව්‍යාපාරියකුට අයත් ගිණුමකින් රුපියල් (98,50,000) අනූඅට ලක්‌ෂ පනස්‌ දහසක මුදලක්‌ වංචනික ලෙස ලබා ගැනීමේ සිද්ධියේ සැකකරු වන රජයේ ප්‍රබල අමාත්‍යවරයකුගේ මහජන සම්බන්ධීකරණ ලේකම්වරයකු යෑයි කියන ඡේ. එම්. බුද්ධික ජයසිංහ නමැත්තා ලබන මස 04 වැනිදා දක්‌වා රක්‌ෂිත භාරයේ තැබීමට කොටුව මහෙස්‌ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය ඊයේ (21) නියෝග කළාය. ශ්‍රී ලංකා ආයෝජන මණ්‌ඩලයේ ඇරැයුමෙන් එම ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා 2005 වසරේදී ශ්‍රී ලංකාවට පැමිණ තිබූ කාර්ෂ් කුරේශි නමැති ඇමරිකානු ජාතිකයා 2005 වසරේ ජුනි මාසයේ සිය මවුබිමට ගිය අවස්‌ථාවක දී ඔහුට අයත් ගිණුමකින් ව්‍යාජ අත්සන් යොදා සැකකාර ලේකම්වරයා එම මුදල ලබාගෙන තිබුණි. එවකට ශ්‍රී ලංකා ආයෝජන මණ්‌ඩලයේ ආයෝජන ප්‍රවර්ධන විධායක නිලධාරියකු ලෙස සේවය කළ සැකකරු එම විදේශ ජාතිකයා නුවරඑළිය ප්‍රදේශයේ ආරම්භ කිරීමට සැලැසුම් කොට තිබූ ව්‍යාපෘතිය අධීක්‌ෂණය භාරව සිටියදී විදේශිකයාට අයත් චෙක්‌පත ව්‍යාජ අත්සන් යොදා ඔහුගේ ගිණුමෙන් එම මුදල ලබාගෙන තිබුණි. තම ගිණුමෙන් විශාල මුදලක්‌ අඩුවී ඇති බව දැනගත් එම විදේශ ජාතිකයා ඒ පිළිබඳව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කොට තිබූ අතර ඒ පිළිබඳව පරීක්‍ෂණ පැවැත්වූ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වාර්තාවක්‌ මගින් කළ කරුණු දැක්‌වීම සලකා බැලු කොටුව මහෙස්‌ත්‍රාත් අධිකරණය සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කොට තිබුණි. වසර ගණනාවක්‌ තිස්‌සේ පොලිසියේ ඇසට වැලි ගසමින් සැඟවි සිටි සැකකරු මෙයට දින කිහිපයකට පමණ පෙර ග්‍රෑන්ඩ්පාස්‌ ප්‍රදේශයේ පරණ යකඩ ව්‍යාපාරිකයකුගෙන් රුපියල් ලක්‍ෂ පහක කප්පමක්‌ ලබාගැනීමට තැත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්‌ අත්අඩංගුවට පත්වීමෙන් අනතුරුව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කළ මෝසමක්‌ මගින් ඉල්ලීමක්‌ සලකා බැලු කොටුව මහෙස්‌ත්‍රාත්වරිය සැකකරු අධිකරණයට ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කොට තිබුණි.

අප දන්නා තරමට දිවයින පුවත් පත අදීන පුවත් පතකි. ඇයි ඡේ. එම්. බුද්ධික ජයසිංහ රජයේ ප්‍රබල අමාත්‍යවරයකුගේ මහජන සම්බන්ධීකරණ ලේකම්වරයකු යෑයි කියන්නේ ඇයි. මොහු අමාත්‍ය මර්වින් සිල්වාගේ මහජන සම්බන්ධීකරණ ලේකම් බව මුළු රටම දනියි. ඉතින් බය නැතුව කට ඇරලා මූ මර්වින්ගේ කප්පම් සල්ලි එකතු කරන ජඩයෙක් බව නොකියන්නේ මන්ද ?

Gossip9.com කියන පරිදි (ලින්ක් එක http://www.gossip9.com/2011/04/blog-post_11.html) මර්වින්ගේ දිනක කප්පම් මුදල රුපියල් ලක්ෂ නවයකි. Gossip9.com මෙසේ කියයි

පැලියගොඩ නව මාළු සංකීර්ණය වීවෘත කිරීමත් සමග ඇතිවූ කප්පම් සිදුවීම නිසා මර්වින්ගේ කප්පම් කල්ලියේ රහස් හෙළි විය. කොළොඹ පිටකොටුවේ පවතී ශාන්ත ජෝන් කොළොඹ නගරයෙන් බැහැරට ගෙන ගොස් පැලියගොඩ ඉදිකිරීමේ ව්‍යාපෘතිය දියත් කලේ හිටපු ධීවර ඇමති ෆීලික්ස් පෙරේරා විසිනි. ඒ අනුව එතුමාගේ දේශපාලන හිතවතුන්ට පැලියගොඩ ඉදි වූ නව මාළු සංකීර්ණයේ කඩ කාමර කලින්ම වෙන් කරනු ලැබිය. වර්තමාන ධීවර ඇමති වන රාජිත සේනාරත්න ඉතිරිය තමන්ගේ දේශපාලන අතකොලු හට වෙන්කොට දී ඇත. මෙයින් කෝපයට පත්වුණේ පැලියගොඩ අයිතිවන ගම්පහ දිසාවේ මර්වින් සිල්වායි.ඒ ඔහුගේ ගෝල බාලයන්ට මාළු සංකීර්ණයේ කඩ කාමර කොටවක් නොලැබුණු බැවිනි.ඒ අනුව නව මාළු සංකීර්ණයේ කප්පම් ගැනීම හා හා පුරා කියා ආරම්භ විය. පැලියගොඩ මාළු වෙළදපොලෙහි ඇති මාළු ලෑලි ගණන 160 කි. එක් ලෑල්ලකින් කප්පම්කරුවෝ දිනකට රුපියල් දෙදහසක් අය කරයි. මාළුවෙළඳපොළට උතුරු නැගෙනහිර ප්‍රදේශවලින් දිනකට මාළු පෙට්ටි පටවන ලද ලොරි 80 ක් පමණ පැමිණේ. එක් ලොරියක මාළු පෙට්ටි 200 ක් පමණ අඩංගු වේ.කප්පම්කරුවෝ මෙම එක් ලොරියකින් රුපියල් දෙදහසක මුදලක්ද එක් මාළු පෙට්ටියකින් රුපියල් 25 ක් මුදලක්ද කප්පම් ලෙස ගනී. පුත්තලම, මිගමුව ඇතුළු දකුණු ප්‍රදේශයෙන්ද අධිශීතකරණ සහිත ලොරි තිහකට ආසන්න ගණනක් පැලියගොඩ මාළු වෙළඳපොළට පැමිණෙන අතර එක් ලොරියකින් අයකරන කප්පම් මුදල රුපියල් 2000 කි. තවද මෙම එක් මාළු ලෑල්ලක වටිනාකම රුපියල් 40 000 ක් පමණ වේ.නමුත් මර්වින්ගේ ගෝලයන් විසින් ලබාගත් මාළු ලෑලි ලබා දී ඇත්තේ රුපියල් 80000 ක් පමණ මුදලකටය.

මාළු ලෑලි වලින් (160*2000) = 320 000
උතුරු නැගෙනහිර ලොරි වලින් (80*2000) =160 000
මාළු පෙට්ටි වලින් (200*25) = 5 000
දකුණු පළාතේ ලොරිවලින් (30*2000) = 60 000

මර්වින්ගේ දිනක දල කප්පම් ආදායම 545,000 ක් පමණ වේ. එයට කඩ බදු ලාභය වැනි අනෙකුත් ද එකතුකළ විට එය ලක්ෂ නවයකට වැඩි මිස නොඅඩු නොවේ.

Tell a Friend