පොද්දල පොලිසියේ එස්. අයි සමරජිව අද මැචි එකක් ගහලා ! !

දක්ෂිණ ලංකා අධිවෙගි මාර්ගය පිළිබද කරුණක් කතා කරන්න පෝමන් මහත්තයා ඇතුලු නිළධාරින් කිහිපදෙනෙක් සරණිගේ නිවසට පැමිණියහ. එක් දරු මවක් වන සරණි වවුලුගල කන්ද, අදුරත්විල, පොද්දල ගමෙ පදිංචිකාරියකි. ඇය ඒ අවස්ථාවෙි] පෙර පාසල් ගිය සිගිති දියණියව ගෙදර ගෙන එමට යන්නට සුදානමි වුවාය.

ඇයට කඩුල්ල දෙසින් ගොරොසු කටහඩකින් අඩෝ කියනු ඇසිණි. එළියට පැමිණි ඇය දුටුවෙ පොලිසි නිළධාරින් කිහිපදෙනෙකු තම සැමියාට පහර දෙන ආකාරයයි. ඇය වහාම 118 සහ 119 ට දුරකථන ඇමතුමි ලබා ගන්නා ලදි. ටික වෙලාවකින් පොලිසියේ පිරිස යන්නට ගියහ.

සරණි එළියට ගොස් පොමන් මහතා සමග සුහදව කතා කළාය. ඇය ආපසු නිවසට ඒමට සැරසෙනවාත් සමග නැවත ඉතා වෙගයෙන් පොලිස් ජිප් රථය පැමිණෙන ලදි. එයින් බැස ගත් එස් අයි සමරජිව ඇගේ අතට පොල්ලකින් පහරදි ඇද ජිප් රථය තුළට දමා ගනු ලැබිණි.

සරණිගේ විලාපය ඇසි එතන නැවතුනු තරංගා අක්කාවද පොලිස් නිළධාරින් ඇදුමි වලින් ඇද ජිප් රථය තුළට දමා ගත්හ. මෙසේ ඇදුමි වලින් ඇදිම නිසා තරංගා නිරුවත් විය. අධිවෙගි මාර්ගයේ වැඩ කරමින් සිටි සියලු දෙනා තම වැඩ නවත්වා ගහන්න එපා ගහන්න එපා යැයි කෑගැසුහ. පොලිස් නිළධාරින් තරංගාට අත් වලින් පහර දුන්හ.

සරණිව සහ තරංගාව පොද්දල පොලිසියට රැගෙන ගොස් කුඩුවට දමන ලදි. මෙම අත්අඩංගුවට ගැනිමෙදි පොලිස් කාන්තාවක් සිටියේ නැත.

පසුව ඔවුන්ව අධිවෙගි මාර්ගයේ වැඩ කරන නිළධාරියෙකුගේ වැන් රථයෙන් ගාල්ල මහේස්තරාත් අධිකරණයට රැගෙන යන ලදි. එහිදි ඔවුන්ට ඇප ලැබිණි. මෙසේ අධිකරණයට රැගෙන යන අතර එක් පොලිස්කාරයෙක් කිවෙ එස් අයි සමරජිව මැචි එකක් ගසා ඇති බවයි. මෙ වාහනේ ඉදිරිපස අසුන යට හිස් අරක්කු බෝතල්ද විය.

පසුව දෙදෙනාම ප්‍රතිකාර සදහා ගාල්ල කරාපිටිය රෝහලට ඇතුලත් කෙරිණි. රෝහල් බළධාරින් ඔවුන්ව ඉක්මනින් මුදාහල අතර රෝහල් පොලිසිය කටඋත්තරයක් ගත්තේද නැත. තවද ඔවුන් කියා සිටියේ සරණිගේ අත කැඩි නැති බවයි.

පසුව සරණි තම අතේ අමාරුව වැඩි වු නිසා මාතර රෝහලට ඇතුලු වු අතර එක්ස් කිරණ පරීක්ෂණයෙන් ඇගේ අත කෑඩි ඇති බව තහවුරු කෙරිණි.


ජනසංසදය