ආ කලිසමිද ආවේ! තලවකැලේ පොලිසිය.


හර්ෂි සි. පෙරේරා
මගේ නම ආර්. එම්. දේවිකා. වයස අවුරුදු 39 ක් වන මම තලවකැලේ පදිංචිකාරියකි. මට දරුවන් දෙදෙනෙකු සිටිනවා.

මෙය සිදුවුනේ 2011.03.28 දිනය. එදා තලවකැලේ සුමන මහා විදුහලේ ක්‍රීඩා උත්සවය. ඒ සදහා කෑම සුදානම් කරලා තිබුනේ අපේ ගෙදර. හවස මගේ සැමියා එයාගේ වැටුප ගෙනත් දීල මම එක ගණන් කර කර හිටියේ. එවිට ජේස්ටින්ගේ පවුල ඒ කියන්නේ රසිකා ඇවිල්ල මට මිරිස් කුඩු ගැහුවා. තවත් පිරිමි දෙන්නෙකුයි කාන්තාවක් නිවසට ඇවිල්ල මටයි මත්තයටයි ගැහුවා. මහත්තයාගේ පඩි පැකට් එකයි මගේ කරේ තිබුන චෙන් එකයි උදුරා ගත්තා.

මේ වෙලාවේ රසිකා කියනවා ඕකිව මරන්න එපා පොලිසිය කිවුව පිස්සු හැදෙන්න මොලයට ගහන්න කියල. මේ ගොල්ලෝ අපිට ගහල එලියට බහින කොටම මගේ ලොකු පුතා ඇවිල්ල තියෙනවා. රසිකා පුතාට කියල තියෙනවා අපිට තොපේ අම්මව මරල පොලිසියට ගෙන්න කිව්වා කියල.

ඊට පස්සේ අපි පොලිසියට ගිය. මට හොදටම තුවාලයි. පොලිසියට යන කොට ගහපු කට්ටියත් එතන හිටිය. මාව දැකපු ගමන් රාළහාමි කෙනෙක් ආ කලිසමිද ආවේ කියල ඇහුව. ඊට පස්සේ කිවුව කලිසම ඔලුවෙන් ගලවනවා කියල. මට කලිසමි කිවුවේ මම කලිසම් අදින නිසා. පැමිණිල්ල ලියනකම් කටවහගෙන හිටපන් කියුව. මමත් බැන්නා. පොලිස් නිලදාරීන් ඉතා කැත විදියට මට පරුෂ වචනයෙන් බැන්නා. කෑගහල කෑගහල රාත්‍රී 8 ට විතර බෙහෙත් ගන්න ටිකට් එක ඉල්ලා ගත්තා. එත් අපේ පැමිණිල්ල ලියා ගත්තේ නැහැ.

නුවරඑලිය රෝහලේ දින 07 ක් නේවාසිකව ප්‍රතිකාර ගත්තා. තලවකැලේ පොලිසිය අපිට කිසිම සහනයක් ලබා දුන්නේ නැහැ. මේ ගැන නුවරඑලිය නියෝජ්ජය පොලිස්පතිට කියුවත් වැඩක් වෙලා නැහැ.

මටත් මගේ පවුලේ අයටත් මේ අය ගැහුවේ පොලිසියේ උවමනාවට.



Tell a Friend