දොරේ ගලා යන "ආසියානු අශ්චර්යේ" සංවර්ධනය

සේයාරූවෙන් පෙනෙන දේ ගැන අමුතුවෙන් කිව යුතු නොවේ. මහජනයා ඉදිරියේ වසර ගණනාවක් තිස්සේ පෙන්නනු ලැබූ සිහින මෙම වාර්තාවට අඩංගු පිටු අතර තිබෙනවා ඇත. බෙල් පුටින්ගර් වැනි ලංකාවේ ප්‍රතිරූපය වර්ධනය කිරීමට යැයි කියමින් ගසා කෑ මහජන මුදල් කෝටි ප්‍රකෝටි ගණන් මේවායෙහි මුද්‍රණය කිරීම අදාළ අධිපති ධූරන්දර මහත්තයා අමතක කොට ඇතුවාට සැක නැත. එසේම විදෙස් පුවත් පත් වල සංචාරක පිටුව සංස්කරණය කරන කතු වතුවරුන්ට මිලියන ගණන් ගෙවා රට ගැන තීරුවක් ඒ පුවත් පත වල පල කිරීම් ගැනද මෙම වාර්තා වල තිබිය නොහැකිය. ලංකාවේ හැටි එහෙමය. අත යට ගැහිල්ල සහ උඩින් පෙන්නන ඔපය හැරෙන්නට මහජනතාවට ලබා දෙන හපයක්වත් නැත. ශ්‍රී ලංකා මහ බැංකුවේ 2010 වාර්ෂික වාර්තාව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මුදල් හා ක්‍රමසම්පාදන ඇමැති ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙත මහ බැංකු පරිශ්‍රයේදී ඊයේ (11) පිළිගැන්වූ අවස්ථාව. සේයාරුව දැකීමෙන් කීමට ඇත්තේ එක දෙයක් පමණි එනම් "මාර හිනාව" කියාය. සිංහයා සහ නරිය අතර ඇති වෙනස වන්නේ මෙයයි. සිංහ වෙස් ගෙන සිටින බොහෝ දෙනෙක් කපටි නරින්ය . ඡායාරූපය - සුදත් සිල්වා

Tell a Friend