11 හැවිරිදි දැරියකට මාමාගෙන් අතවරයක්

අතුකෝරළ යු. ගුණපාල

සිය මාමාගේ නිවෙසේ ජීවත් වූ 11 හැවිරිදි බාල වයස්කාර පාසල් දැරියක් දුෂණය කර ඇතැයි හලාවත පොලිසිය පවසයි.

හලාවත පොලිස් වසමේ එළිවිටිය කුමාරකට්ටුව ප්‍රදේශයේ සිදුව ඇති මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබෙන දැරියගේ මාමා එම ප්‍රදේශයේ කාලි දේවාලයක් පවත්වාගෙන යන අයෙකි.

දැරියගේ මව විදේශ ගතව තිබෙන අතර ඇය විදේශ ගතවීමට පෙර දැරියව සැකකරුගේ බාරයට පත් කර තිබේ. නිවසේ කිසිවෙක් නොසිටි වේලාවක සැකකරු දැරියව දූෂණය කර ඇත.

වැඩබලන මහේස්ත්‍රාත් නිශ්ශංක රූපසිංහ මහතා සැකකරු අප්‍රේල් 19 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම කළේය.

Tell a Friend