බ්ලේක්ගේ ශ්‍රී ලංකා සංචාරය ඇරඹේ


ඇමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මධ්‍යම සහ දකුණු ආසියාව භාර සහකාර ලේඛම් රෝබෙර්ට් ඕ. බ්ලේක් තමන්ගේ ශ්‍රී ලංකා සංචාරය හෙට ආරම්භ කරන බව මීට සුළු මොහොතකට පෙර රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ පුවත් නිවේදනයේ සඳහන් වේ. අදාළ සංචාරයේදී ඔහු ආණ්ඩුවේ නායකයින්, සිවිල් සමාජීය නායකයින් සේම අනෙකුත් දේශපාලන නායකයින්ද හමුවීමට නියමිත බව වාර්තා වේ.

අදාළ සංචාරයේදී හෙතම කිලිනොච්චිය සහ මුලතිව් ප්‍රදේශ වල සංචාරය කිරීමට නියමිතය. රෝබෙර්ට් බ්ලේක් ලංකාවේ හිටපු ඇමෙරිකානු තානාපති වන අතර හෙතමගේ ශ්‍රී ලංකා සංචාරය අවස්ථා ගණනාවකදී ඇතැම් දේශපාලන කාරණා හේතුවෙන් කල් දැමීමට සිදු විය.

Tell a Friend