ආණ්ඩුව සිකුරාදා දිනයේ විරෝදතා පැවැත්වීම ගැන කලින් අනතුරු අගවා තිබිණි.
සිරියාවේ කැරලිකාරිත්වය ඇති වුයේ මාර්තු මස මැද බාගයේදීය. එයට ප්රෝබෝදය ලැබුනේ අරාබි ලෝකයේ ඇතිවූ විප්ලවීය තත්වයයි. ක්‍රියාකාරීන් පවසන ආකාරයට මේ වනවිට මුළු රටේම මරමුවට පත් පුද්ගල සංකයාව 450 ක් පමණ වේ.
මුස්ලිම් සහෝදරත්වය නමින් හැදින්වෙන නීතියෙන් තහනම් කල සංවිදානය පළමු වතාවට සිකුරාදා විරෝදතා පවත්වන්නයි සිරියනුවන්ට අවදාරණය කරන ලදී. මෙම කණ්ඩායම බශිර්ගේ පියා හෆිස් විසින් 1982 දී ඔවුන් සිදුකල කැරැල්ලෙන් පසුව දැඩිව මර්දනය කරනු ලැබිණි.
මෙම සහෝදරත්ව කණ්ඩායමේ පිටිවහල් කර සිටින නායකයා නිකුත් කල ප්‍රකාශයකින් කියා සිටියේ අපි නිදහස්ව උපන් බැවින් එකාදිපතියකුට අපිව වහලුන් කරගැනීමට ඉඩ නොදෙමු යන්නය.
අසාද් මෙය තම පවුලේ වසර 40 ක් පාලනයට එරෙහි විදේශ කුමන්ත්‍රණයක් ලෙසත් එය අන්තවාදී කොටස් සහ සන්නද්ද මැරයන් විසින් මෙහෙයවන බවත් කියා සිටියි.
ගාඩියන් යු කේ ඇසුරෙන්
- හර්ෂි -

Post a Comment