තිස්සමහාරාම මහජන පුස්තකාලය සහ මැක්සීම් ගෝර්කිගේ අම්මා නවකතාව


තිස්සමහාරාම මහජන පුස්තකාලයෙන් ගෝර්කිගේ අම්මා නවකතාව ඉවත් කිරීම කුමන හේතුවක් නිසා කලේ ද යැයි අප නොදනිමු. ගෝර්කිගේ අම්මා නවකතාව කියවූ පුද්ගලයෙකු නම් එවැනි තීරණයකට නොඑළඹෙන බව අපගේ විශ්වාසයයි. මෙම නවකතාව ගැන 1917 කාලයටත් එහා පසුගාමී රුසියාවේ සාර්ගේ පොලිස් බලධාරීන් සිතු ලෙසටම අද ලංකාවේ බල අධිකාරීන් සිතන බව මෙයින් පෙනී යයි.

පහත දැක්වෙන කවිය උපුටා ගනු ලැබුවේ වෛද්‍ය රුවන් එම් ජයතුංගගේ හරාකිරි කාව්‍ය සංග්‍රහයෙනි. එම කවියෙන් මැක්සීම් ගෝර්කිගේ අම්මා නවකතාවේ ප්‍රධාන චරිතය වන පාවෙල් ව්ලාසොව් සහ ඔහුගේ මව වන නීලව්නා ද පාවෙල්ගේ මිතුරු යුක්රේන ජාතික හොහොල්ගේ ඉරණම ගැන පැවසේ.


නීලව්නා අම්මා

නීලව්නා අම්මේ උඹ කොහිද?

අන්න පාවෙල්ගේ සිරුර

දැවෙනවා ටයර් සෑයක හන්දියේ

හොහොල් ගේ මිනිය

ගසාගෙන යයි කුණු ඇලේ
අමිල ගුණරත්න

Tell a Friend