ජෙනරාල් කුමක් කරයිද?

හර්ෂි සි. පෙරේරා
මැයි 04 වැනිදා තීරණාත්මකයි. ඒ ඔහුගේ විත්තිවාචකය නිසයි. මුළු රට කෙසේවෙතත් ජනදිපතිවරයා ඇසිපිය නොසොලා එදෙස බලා සිටියි.

"සුදුකොඩි නඩුවට අදාලව ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ විත්තිවාචිකය මැයි 04වන දා සිදුකිරීමට නියමිත අතර, එහිදී බැංකිමූන් විද්වත් කමිටු වාර්තාවේ සඳහන් කරුණු තහවුරු කෙරෙන ආකාරයේ ප‍්‍රකාශයක් සිදුකිරිම වලක්වා ගැනීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මේ දිනවල විශේෂ අවධානයකින් යුතුව කටයුතු කරන බව ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු අප වෙත පැවසීය. "

ජෙනරාල් ඔබට සත්තයේ සහ යුක්තියේ වටිනාකම ගැන අමුතුවෙන් කිවයුතු නැත. මක්නිසාද බොරුව සහ අයුක්තියේ වේදනාව ඔබ අන් කවරදාවකටත් වඩා හොදින් දන්නා බැවිනි.

ඔබේ තරු ගලෙවුවේය. විශ්‍රාම වැටුප අහිමි කළේය. පාර්ලිමේන්තුවට ජනතාව වෙනුවෙන් යාමද අවසන් කර දැමිය. ශීතල පොලව සහ ගොනිපදන්ගුව උරුම ඔබට අදරනියන් වෙනුවට සිටින්නේ ජේලර් මහතුන්ය.

දරුස්මාන් වාර්තාව ආණ්ඩුව එල් ටි ටි ඊ දේශීය ආයතන සහ ජාත්‍යන්තරයේ යුද බුමිකාව ගැන කරුණු කියයි. ඒ සියල්ල අබිබවමින් පැහැදිලි සාක්ෂියක් දිය හැකි හොදම පුද්ගලයා ඔබයි.

ඔබ සත්‍ය යුක්තිය වෙනුවෙන් මේ අවස්ථාවේ කියන දෙය මෙරට දුක්විදින සාමාන්‍ය ජනතාවගේ ඉරණම තීරණය කරනු ඇත.





Tell a Friend