විසම්මුතිය නිහඩ කරන ඉන්දීය රාජ්ජය ද්‍රෝහීත්වය පිළිබද නීති.

ඉන්දියාවේ මානව හිමිකම් ක්‍රියාදරයෙක් වූ බිනයක් සෙන් රාජ්ජය ද්‍රෝහීත්වය පිළිබද නීති දැඩිව විවේචනය කරයි. ඔහු කියන්නේ මෙම නීති තම රට තුල බාවිතා කරන්නේ විසම්මුතිය නිහඩ කිරීමට බවයි.

හෙතෙම බි. බි. සි ය සමග පැවැති සම්මුක සාකච්චාවකදී වැඩිදුරටත් කිවේ මෙම නීති අතීත අදිරජ්ජයවාදයේ නෂ්ටාවශේෂ බවය.

මේ මාසය මුලදී සෙන් මහතා ශේෂ්ටාදිකරණය විසින් ඇප මත නිදහස් කරන ලදී. දෙසැම්බර් මස ඔහුට මාවෝවාදී කැරලිකරුවන්ට උදවු කිරීම ගැන ජීවිතාන්තය දක්වා සිරදඩුවම් නියම විය.

ඔහු පවසන්නේ ඉන්දීය සිරගෙවල් වල රජ්ජයද්‍රෝහී චෝදනාව මත සිරකරනු ලැබුවන් සිය ගණනක් සිටින බවයි.

නීතිමය කටයුතු පිළිබද ඇමති මෙම නීති අතීත අදිරජ්ජයවාදයට අදාල බැවින් නැවත සලකා බලන බවට කල ප්‍රකාශය සෙන් මහතාගේ සතුටට හේතු වී ඇත.

බි.බි.සි ඇසුරෙන්
- හර්ෂි -

Tell a Friend