දරුස්මාන් කියන විනයගරුක සටන්කාමීන්ගේ ම්ලේච්ඡ ක්‍රියා මෙන්න

අද දින ආණ්ඩුවේ පුවත් පත වන දිනමිණ විසින් නිවැරදි සහ ඉතා වැදගත් පුවතක් පල කොට ඇත. එය ගැන අපේ සතුට පල වේ. නමුත් අදාළ වාර්තාව මඟින් කොටින් හමුදාවක් ලෙස හඳුන්වා නැති අතර සටන්කාමින් ලෙස දක්වා තිබේ. සැබවින්ම අදාළ එක්සත් ජාතීන්ගේ වාර්තාව සඳහන් කොට ඇති මට්ටමේ විනයක් කටයුතු වලින් කොටි සංවිධානය පෙන් වූයේ නැත. නමුත් අදාළ සංවිධානයේ සමාජිකයින් අතර එය තිබුණා විය හැකිය. ඒ වූ පමණින් මූන් මහතාගේ උපදේශකයා කොටි සවිධානය විනයක් ඇති සංවිධානයක් යැයි කීම විසින් ඔහු පෙන්වා ඇත්තේ තීරණාත්මක අවස්තාවක් සහ තීරණාත්මක වාර්තාවක් හෑල්ලුවට ලක් කිරීමකි.

දිනමිණ විසින් අදාළ පුවත පල කිරීම ගැන අපේ ප්‍රණාමය පල කරමු,

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් බෑන් කී මුන් විසින් ඊයේ (26) සවස මර්සුකි දරුස්මාන්ගේ වාර්තාව මාධ්‍ය වෙතට නිකුත් කර තිබේ. පිටු 214 කින් යුත් එම වාර්තාවේ 26 වැනි පිටුවේ දැක්වෙනුයේ එල්ටීටීඊ ය (කොටි සංවිධානය) ලෝකයේ තිබූ ඉතාමත්ම විනයගරුක හමුදාවක් බවයි. මෙම විනයගරුක හමුදාව විසින් සිදුකළ ඉතාමත්ම ම්ලේච්ඡ ඝාතන දහස් ගණනකින් කීපයක් බෑන් කී මුන්ගේ හා දරුස්මාන්ගේ දැන ගැනීම සඳහා මෙසේ ඉදිරිපත් කෙරේ.


* 1985 මැයි 15 පොසොන් පෝදා කොටි එල්ල කළ ප්‍රහාරයෙන් ශ්‍රී මහා බෝධිය අසල සිල් සමාදන් වූ 70ක් මරා දැමීම


* 1987 අප්‍රේල් 18 හබරන ත්‍රිකුණාමල මාර්ගයේ දී බස්රථ 3කට එල්ල කළ ප්‍රහාරයෙන් සිවිල් වැසියන් 100ක් ඝාතනය


* 1987 අප්‍රේල් 22 පිටකොටුව බෝම්බයෙන් සිවිල් වැසියන් 100ක් ඝාතනය කිරීම


* 1987 ජූලි 03 අරන්තලාවේ දී භික්ෂුන් වහන්සේලා 29ක් කපාකොටා මරා දැමීම


* 1989 අගෝස්තු 14 එරාවුර් ප්‍රහාරයෙන් 117ක් මරා දැමීම


* 1989 අගෝස්තු 13 මඩකලපුවේ දී මුස්ලිම් වැසියන් 105ක් මරා දැමීම


* 1989 අගෝස්තු 06 කාත්තන්කුඩි ප්‍රහාරයෙන් 140ක් මරා දැමීම


* 1975 ජූලි 28 යාපනයේ නගරාධිපති ඇල්ෆ්‍රඩ් දොරේඅප්පා පුන්නලවි පල්ලියේ දී මරා දැමීම.


* 1982 ජූලි 23 යාපනයේ දී හමුදාවේ 13 ක් ඝාතනය කිරීම.


* 1985 ජනවාරි 21 යාල්දේවි දුම්රිය ප්‍රහාරයෙන් හමුදාවේ 11ක් සහ වැසියන් 20ක් මරා දැමීම.


* 1986 මැයි 08 සී. ටී. ඕ. ප්‍රහාරයෙන් 11ක් මරා දැමීම.


* 1986 මැයි 26 මහදිවුල්වැව සහ සිංහල ගම්මානයේ දී ළමයින් 10ක් ඇතුළු 27ක් මරා දැමීම.


* 1986 මැයි 31 කොළඹ ලංකා එලිෆන්ට්ස් හවුස් ප්‍රහාරයෙන් කම්කරුවන් 9ක් මරා දැමීම.


* 1986 ජුනි 12 ලංගම බස්රියක් පුපුරුවා හැර 15ක් මරා දැමීම.


* 1986 ජුනි 26 ත්‍රිකුණාමල, වව්නියා සහ පුල්මුඩේ කොටි ප්‍රහාරයෙන් 20 ක් මරා දැමීම.


* 1986 ජුනි 23 බස් රියකට දික්වැව දී එල්ල කළ ප්‍රහාරයෙන් 28ක් මරා දැමීම.


* 1987 ජනවාරි 29 බිම් බෝම්බයකින් මඩකලපුවේ දී කොමාන්ඩෝ භටයන් 13ක් මරා දැමීම.


* 1987 මාර්තු 24 සිංහල සිවිල් වැසියන් 25ක් ඝාතනය කිරීම.


* 1987 නොවැම්බර් 10 මරදානේ බෝම්බයෙන් 50 මියගොස් 100ක් තුවාල ලැබීම.


* 1988 මාර්තු 4 තෝරාගත් සිංහල නිවාස වලට පහර දී මොරවැව 15ක් මරා දැමීම.


* 1988 මැයි 02 බිම් බෝම්බයකින් සිත්තරුවේ දී බස් මගීන් 26 ක් මරා දැමීම.


* 1988 ඔක්තෝබර් 11 දා මැදවච්චියේ ගම්මානයක දී කාන්තාවන්, ළමයින් ඇතුළු 45ක් මරා දැමීම.


* 1989 පෙබරවාරි 13 කාන්තාවන් 05ක් ළමයින් 20 හොරොව්පතාන දුටුවැව දී මරා දැමීම.


* 1989 ජූලි 26 දෙහිවල දුම්රියේ දී බෝම්බ ප්‍රහාරයෙන් 26 ඝාතනය කර 45 ක් තුවාල ලැබීම.


* 1989 අගෝස්තු 06 කාත්තන්කුඩි ප්‍රහාරයෙන් 140 මරා දැමීම.


* 1989 අගෝස්තු 07 නැඟෙනහිර අක්කරපත්තුවේ දී මුස්ලිම් ජාතිකයින් 55 මරා දැමීම.


* 1989 අගෝස්තු 09 නැඟෙනහිර දී එල්ල කළ ප්‍රහාරයෙන් සාමාන්‍ය වැසියන් 59ක් මරා දැමීම.


* 1989 අගෝස්තු 13 මඩකලපුවේ දී මුස්ලිම් වැසියන් 105ක් මරා දැමීම.


* 1989 අගෝස්තු 14 එරාවුර් ප්‍රහාරයෙන් 117 මරා දැමීම.

Tell a Friend