කොහෝ! කොහෝ ! මෙන්න රට යන අත.

ලංකාවේ බහු පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය රාජපක්ෂ පවුල සියතට ගෙන.
- ඇමෙරිකානු රාජ්ජය දෙපාර්තමේන්තු වාර්තාවක්-

නීතිපතිගේ ක්‍රියා නිසා අදිකරණය සහ අදිකරණ සුවාදිනත්වය හැල්ලුවට ලක් වෙනවා.
- හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා-

සුවාදින අදිකරණ සේවා කොමිසම් සබාවේ ලේකම් දුරයට ජනාදිපතිට කැමති අයෙක් පත් කල හැකියි.
-කෙටුම්පත් කෙරෙන 19 වන ආණ්ඩු ක්‍රම විවස්ථා සංශෝදනය-

ඉහත දැක්වෙන්නේ පුර්ව සිංහල දෙමල අලුත් අවුරුදු සමයේ රටේ තත්වයයි. ඒ අනුව රට යන අත ගැන අමුතුවෙන් කිවයුතු නැත.

රටේ ආණ්ඩුවේ ප්‍රදාන පදවි තුනක රාජපක්ෂවරු වැජබෙති. ඒ ආරක්ෂක ලේකම්, ආර්ථික සංවර්දන ඇමති සහ පාර්ලිමේන්තු කතානායක ලෙසිනි. මාද්යාවේදී ලසන්ත වික්‍රමතුංග ගාතනය කර වසර දෙකකට වැඩිය. මාද්යාවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කර වසරකට වැඩිය. තවමත් අපරාදකරුවන්ට දඩුවම් දී නැත.

නීතිපතිවරයා ප්‍රබල දේශපාලකයින් දෙදෙනෙකුගේ එනම් චන්දන කත්‍රිආරච්චි සහ දුමින්ද සිල්වාට එරෙහි පිළිවෙලින් මිනීමැරුම් සහ ස්ත්‍රී දුෂණ චෝදනා ඉල්ලා අස්කර ගත්තේය.

අදිකරණ සුවාදිනත්වයේ මළගම උදා කිරීම 19 වන සංශෝදනයෙන් සිදුවනු ඇත.

මෙවැනි වාතාවරණයකින් ඔබ හෝ මම පිඩාවට ලක් නොවන තුරු අපට අවුරුදු කන්නට පුළුවන. නමුත් පශ්තාත් සිංහල දෙමල අවුරුද්දේ වින්දිතයා ඔබ හෝ මම වුවහොත්?

හර්ෂි සි. පෙරේරා