රනිල් විදේශ ගත වූයේ මහින්දගේ එකඟතාවයකින් පසු!

රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විට විදේශ ගත වී ඇති අතර එය සිදු වූයේ මහින්ද රාජපක්ෂ සමඟ ඇති කරගත් එකඟ තාවයකින් බව විස්වාෂදායක ආරංචි මාර්ග සඳහන් කරයි. විශේෂයෙන් එක්සත් ජාතින්ගේ මහලේඛම් විසින් ලංකාවේ සිදු වූයේ යයි කියන යුධ අපරාධ ගැන පරීක්ෂණ කිරීම සඳහා පත් කරණු ලැබූ කමිටුව අදාළ වාර්තාව මේ සතියේදී නිකුත් කිරීමට නියමිත අතර අදාළ වාර්තාව සම්බන්ධයෙන් දේශීය දේශපාලන තත්වය රාජපක්ෂට විරුද්ධව සකස් වීම නතර කිරීම සඳහා ආණ්ඩුවේ දැවැන්ත මෙහෙයුමේ එක පියවරක් ලෙස මෙය සිදු වූ බව වාර්තා වේ. මේ වන විට රනිල් වික්‍රමසිංහ බාසිලෝනා හී පැවැත්වෙන මැතිවරණයේ නිරීක්ෂකයෙකු ලෙස සහභාගී වුවද එය නිමා කොට දින කිහිපයක් ඇතුලත එනම් 17 වනදා ලන්ඩන් නුවරට පැමිණීමට නියමිතය. ඉන් පසු හෙතම 22 වැනිදා දක්වා එහි රැඳී සිටීමට නියමිත බව වාර්තා වේ.

එක්සත් ජාතීන්ගේ වාර්තාව නිකුත් වීම කරන කොට ගෙන ලංකාවේ ප්‍රධාන විපක්ෂ දේශපාලන පක්ෂය වන එක්සත් ජාතික පක්ෂය සම්පුර්ණයෙන්ම පාහේ නිහඬ කොට ඇති අතර තහවුරු කරගත් වාර්තා සඳහන් කරන අන්දමට සජිත් ප්‍රේමදාස සහ ආරක්ෂක ලේඛම් ගෝඨාබය අතර දේශපාලනයෙන් එහා ගිය මිත්‍රත්වයක් ඇති බව වාර්තා වේ.

මේ නිසා ආණ්ඩුවට ප්‍රධාන ගැටලුව වී ඇත්තේ ජනරාල් සරත් ෆොන්සේකා සහ ජනතා විමුක්ති පෙරමුණේ හැසිරීමය. මේ වන විටත් විමල් වීරවංසගේ ජාතික නිදහස් පෙරමුණ හරහා ජනතා විමුක්ති පෙරමුණ මෙල්ල කරමින් සිටින ආණ්ඩුව ජනරාල් සරත් ෆොන්සේකාගේ ලේඛම් වරයා ලෙස සේවය කළ සේනක ද සිල්වාට ඇප ලබා දීම ඔස්සේ ජනරාල් ෆොන්සේකාගේ දේශපාලනය මර්ධනය කිරීමට සැලසුම් කොට තිබේ.

Tell a Friend