එළවලු විකිණිමෙන් පසු ප‍්‍රවෙශපත් අලෙවියට

 කුරුණෑගල බෝයගනේ විජයබා රෙජිමේන්තු මූලස්ථානයේ පැවැත්වීමට නියමිත මෝටර් ක්‍රොස් තරඟය සඳහා යැයි කියා එම කඳවුරේ සෙබල සෙබළියන් 8000 කගේ වැටුපෙන් රුපියල් 1500 බැගින් රුපියල් එක්කෝටි විසිලක්‍ෂයක (රු.1,20,00,000) ක මුදලක් බලහත්කාරයෙන් කපාගෙන ඇතැයි ‘ලංකා ඊ නිව්ස්’ වෙත වාර්තාවේ.

මෝටර් ක්‍රොස් තරඟ බැලූවත් නැතත් එක් සෙබළ සෙබළියක් අනිවාර්යයෙන් ටිකට්පත් 23 ක් ගත යුතු බවට එම කඳවුරේ ඉහළ නිලධාරියකු ඔවුන්ට නියෝග කර ඇති බවත් වාර්තාවේ.

විජයබා රෙජිමේන්තුවේ සෙබළ සෙබළියන්ගේ වැටුපෙන් ටිකට් සඳහා යැයි රුපියල් 1500 ක මුදලක් බලහත්කාරයෙන් කපාගෙන ඇතත්, ඔවුන්ට මේවන තෙක් ටිකට් පත් ලැබී නැති බවත් වාර්තාවේ.

හමුදා නිල ඇඳුම් ලාගත් සෙබළුන් යොදා අනුරාධපුර සහ කුරුණෑගල නගරවල මෝටර් ක්‍රොස් තරඟයේ ප‍්‍රවේශපත් අලෙවි කරන බවත් වාර්තාවේ.