අනුර ලාල් වීරවංශ , මැල්කම් රංජිත් කාදිනල් , හා ප්‍රභාකරන්

ආගමික නායකයන් මිනීමරුවන් වෙනුවෙන් පෙනී සිටින්නේ මන්ද ? දිනපතා මාධ්‍ය මගින් පොලිසිය හා දේශපාලකයන් විසින් පෙලන ලද අසරණයන් ගැන විස්තර පල කෙරේ. එවැනි අසරණයන් වෙනුවෙන් ඉහත නම් සඳහන් ආගමික නායකයින් හඬක් නැගු බවක් අප අසා නැත . මෙම පිරිස අතරින් මැල්කම් රංජිත් කාදිනල්වරයා ගැන යමක් කීමට කැමත්තෙමි .
අමිල ගුණරත්න

රේගු නිලධාරී සුජිත් පෙරේරා මහතාට වෙඩි තබා ඝාතනය කිරීමට අනුබල දීම සම්බන්ධයෙන් මරණ දණ්ඬනයට නියමව බන්ධනාගාර ගතව සිටින අනුර ලාල් වීරවංශ නැමැති රේගු නිලධාරියා එම දඬුවමෙන් නිදහස් කරන ලෙස ඉල්ලා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන්, ආචාර්ය දුලිප් ඞී. ඩිකේරා හිමිපාණන් සහ මහනායක අතිපුජ්‍ය උඩගම ශ‍්‍රී බුද්ධ රක්ඛීත මහනාහිමි, අතිපූජ්‍ය මහනායක අත්තුඩාවේ රාහුල මහනාහිමි, ආචාර්ය තබරදාගම චන්දිම හිමි, පූජ්‍ය නාගොඩ අමරවංශ නාහිමි, පූජ්‍ය දොඩම්පහළ විපුල සිරි යන ආගමික නායකයින් කීපදෙනෙකුගේ අත්සනින් යුතු ලිපියක් යොමු කොට තිබේ.

ආගමික නායකයන් මිනීමරුවන් වෙනුවෙන් පෙනී සිටින්නේ මන්ද ? දිනපතා මාධ්‍ය මගින් පොලිසිය හා දේශපාලකයන් විසින් පෙලන ලද අසරණයන් ගැන විස්තර පල කෙරේ. එවැනි අසරණයන් වෙනුවෙන් ඉහත නම් සඳහන් ආගමික නායකයින් හඬක් නැගු බවක් අප අසා නැත . මෙම පිරිස අතරින් මැල්කම් රංජිත් කාදිනල්වරයා ගැන යමක් කීමට කැමත්තෙමි . මැල්කම් රංජිත් කාදිනල්වරයා ප්‍රභාකරන්ගේ මරණය දක්වා බෙදුම්වාදයට සහාය දක්වමින් සිංහල බෞද්ධ විරෝධී පිළිවෙතක් අනුගමනය කළේය. වතිකානුවේදී කොටි සංවිධානයේ ධජයටද ආශිර්වාද පුජාවක් කළේය. (මෙම උත්සවයේ චායාරූප එකල අන්තර්ජාලයේ පවා සංසරණය විය) කොටි සංවිධානය විනාශ කෙරීමෙන් පසුව මැල්කම් රංජිත් නින්දෙන් නැගිට්ටාක් මෙන් දැන් ඉඳහිට දේශප්‍රේමි කතා කියයි. නමුත් මෑතකදී උගත් පාඩම් හා ප‍්‍රතිසංවිධාන කොමිසම හමුයේ සාක්ෂි දුන් මැල්කම් රංජිත් කාදිනල්තුමා උතුරු නැගෙණහිර පලාත් හි සිංහල ජනයා පදිංචි කිරීම භයානක ක‍්‍රියාවක් හැටියට බිෂොප්වරයා කොමිෂම හමුයේ ප‍්‍රකාශ කර සිටියේ ය.

මැල්කම් රංජිත් කාදිනල්තුමා අපට සම කල හැක්කේ ජර්මනියේ හිටපු ආච් බිෂොප් ඔර්සෙනිගෝටය. ආච් බිෂොප් ඔර්සෙනිගෝ හිට්ලර්ගේ ජයග්‍රහණයට ආශිර්වාද කළේ ය. දෙවන ලෝක සංග‍්‍රමය සිදුවු කාලයේ ජර්මනියේ කතෝලික සභාව සහ ප්‍රෙතෙස්තන්ත නායකයින් හිට්ලර්ගේ නාසි ව්‍යාපාරය සමගය. හිට්ලර් බැතිමත් කතෝලිකයෙක් ව සිටියේ ය. මෙවැන්නෙක් බලයට පත්වීම මගින් ලෝකය කතෝලික කිරීමට හැකිවෙතැයි එදා ජර්මන් කතෝලික සභාවේ බිෂොප්වරුන් විශාල පිරිසක් සිතුවා නම් එය පුදුම විය යුතු දෙයක් නොවේ. නමුත් හිට්ලර් යනු අලූගෝසුවෙකි. ලක්ෂ සංඛ්‍යාවක් යුදෙව්වන් ඝාතනය කිරීමට මුල් වු නපුරෙකි. ඔහුගේ නාසි සොල්දාදුවෝ ජර්මනියේ රොමානිවරු සංහාරය කළහ. එමනිසා හිට්ලර්ට ආශිර්වාද කරපු බිෂොප්වරුන් කාදිනල්වරුන් ද වැරදිකරුවෝ වෙති. ඇල්ටීටීඊය බලයේ සිටින කාලයේ මැල්කම් රංජිත් බිෂොප්තුමා ලංකාවේ විසුවේය. රටේ මහජනයා මහින්ද රාජපක්ෂ මහතාව ජනාධිපති ධුරයට පත්කරගෙන ඇල්ටීටීඊ ත‍්‍රස්ත ව්‍යාපාරය විනාශ කිරීමට වෙහෙසෙද්දී මැල්කම් රංජිත් බිෂොප්තුමා අඩුම තරමින් මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග‍්‍රහණයට වචනයකින් හෝ ආශිර්වාද කරපු බවක් අප අසා නැත. ඇල්ටීටීඊය සමග මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා වී රටේ සේනාධිනායකයා වශයෙන් හමුදා නායකයින්ට ඇල්ටීටීඊය හමුදාව විනාශකරන්නැ යි උපදෙස් දෙමින් ජාතියේ උස් නිදහස සදහා යුද්ධය මෙහෙයව්දි මැල්කම් රංජිත් බිෂොප්තුමා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ එම යුද්ධ ව්‍යාපාරයට වචනයකින් හෝ උපකාර කරපු ප‍්‍රවෘත්තියක් අප අසා නැත. අප දන්නේ එතුමා ඊළාම් වාදින්ට පක්ෂපාති අයෙක් වශයෙන් කටයුතු කරපු බව පමණි. අදත් ප‍්‍රසිද්ධියේ සහ අප‍්‍රසිද්ධියේ ඊළාම් ව්‍යාපාරය ගොඩගන්ට හදන එතුමාගේ ගජ මිතුරන් වු කතෝලික ආගමික නායකයින් ගණනාවක් සිටිති. අප ජිවත්වෙන ජර්මනියේ සිටින ඇල්ටීටීඊ වර්තමාන නායක එම්මානුවෙල් දේවගැතිවරයා පවා මැල්කම් රංජිත් කාදිනල් තුමාගේ හොද මිතුරෙකි. (උපුටා ගැනීම ජර්මන් කතෝලික නායකයින් හිටියේ හිට්ලර් සමගයි. ලංකාවේ........කා සමගද? )

ජූම්ලා වෙබ් අඩවියේ ලංකාවට ආදරය කරන කතෝලික සහෝදරයෙක් මෙසේ ලියයි........

උතුරු නැගෙණහිර පලාත් හි සිංහලයන් පදිංචි කරවීම නිසා ජන සංයුතියේ වෙනස්වීමක් සිදුවන බව පෙන්වමින් එය භයානක ප‍්‍රතිඵල ඇතිකරන ක‍්‍රියාවක් යැයි කීවේය. නමුත් මැල්කම් රංජිත් කාදිනල්වරයා කියන්නේ ජාතින් වෙන්කර තබා රටේ ජාතිභේදය පවත්වාගත යුතු බවයි. සිංහලයන්ව උතුරු නැගෙණහිර පලාත්වලින් ඈත්කර තියන්න කියන කතාවට වෙන අර්ථයක් දිය නොහැක. ඊළාම්වාදියෙක් හැර මෙවැනි කතා යුක්තිගරුක දෙමළ ජාතිකයෙක් හෝ නොකියයි. අනිත් පැත්තෙන් එතුමාගේ නව පත්වීම පිළිබදව උත්සව පැවැත්වීමට සිංහලයෝ සැරසෙති. ඒ වෙනුවෙන් රාජ්‍ය උත්සවයක්ද පැවැත්වේ. කාදිනල් පත්වීම ගැන ආකාර්ශනීය ලිපි වාර්තා මේ වෙනවිටත් ලියා ඇති සිංහල මාධ්‍යකරුවෝ ගණනාවකි. ඔවුන් සමහරෙක් මැල්කම් රංජිත් බිෂොප් කාදිනල් තත්වයට උසස්වීම ජාතිය ලැබු ගෞරවයක් හැටියට හදුන්වති. දැන් මේ මාධ්‍යකරුවන්ගෙන් අපට අහන ප‍්‍රශ්නය 'ජාතිය යනුවෙන් නුඹලා අදහස් කරන්නේ කුමක් ද?' යන්නයි. මැල්කම් රංජිත් කාදිනල්වරයා වෙනම රාජ්‍යයක් හදා දීමට වෙහෙසෙන බව කොමිසම හමුවේ දුන් සාක්කියෙනුත් ඔප්පුවේ. එමනිසා මැල්කම් රංජිත් කාදිනල්ගේ නව තනතුර ඊළාම් වාදින්ට නම් මහත් ප‍්‍රිතියට කාරණයකි. ශ‍්‍රී ලංකාවේ කතෝලික සභාව පාප්තුමා යටතේ ක‍්‍රියාත්මක වෙන්නකි. කතෝලික සභා කොහේ තිබුනත් එහි නායකයා පාප්තුමාය. මැල්කම් රංජිත් කාදිනල්ධුරය හිමිකරගන්නේ පාප්තුමාගෙනි. ලොව කොහේ හිටියත් කතෝලිකයා පාප්තුමාගේ අණසක පිළිගන්නෙකි. ලංකාවට පැමිණි පෘතුගීසින් රට යටත්කර ගන්ට උත්සාහ කළේ පෘතුගාලයේ රජු වෙනුවෙනි. පෘතුගිසින් අල්ලාගන්නා පලාත් වල බලධාරියා පෘතුගාලයේ රජුගේ නියෝජතයා වශයෙන් කටයුතු කරපු නිලධාරියෙක් විය. වර්තමානයේ කතෝලික සභාව කරන්නාක් මෙන් ද අසවේදු ආණ්ඩුකාරය (දේශීයකරණය නමින් සිංහල රජෙක් විදිහට (මල්වානේ රජ්ජුරුවෝ පෙනීසිටියේ ය. එහෙත් ඔහුගේ ප‍්‍රදේශවල වැසියෝ පෘතුගාල රජුගේ යටත් වැසියන් වුහ. මෙම යටත් විජිත භාවය ආගමික අධිරාජ්‍යයන් පිළිබදවත් එසේම සිදුවේ. පකිස්ථානය සහ ලංකාව අතර පන්දු තරගයක් පවත්වා ලංකාව පරාජය වු විට ඉස්ලාම් ආගමිකයෝ රතිඤ්ඤා පත්තු කරති. ඒ ඇයි? ඉස්ලාම් ආගම කාලිප්වරයා යටතේ පැතිර ගියේය. ඉස්ලාම් සේනා මොන රටක් යටත් කරගත්තත් එය කාලිප්වරයාට යටත් රටක් වුනි. එමනිසා ඉස්ලාම් පන්දු තරගයක් අවසානයේ ලංකාව පරාජය වී ඉස්ලාම් රටක් ජයගත් විය අනන්‍යතා හැගිමක් නැති ඉස්ලාමිකයාට සතුටක් ඇතිවේ. මම උපතින් කතෝලිකයෙක්මි. සිංහලයෙක්මි. සිංහල අනන්‍යතාවය කුමක්දැයි වටහා ගැනීමට මා උත්සාහ කළේ මැල්කම් රංජිත් කාදිනල්වරයා උගත් පාඩම් හා ප‍්‍රතිසංවිධාන කොමිෂම හමුවේ සාක්කි දෙමින් සිංහලයන් උතුරේ පදිංචිකරවීමට විරුද්ධතාවය දැක්වීමෙන් පසුවයි.
(උපුටා ගැනීම : කතෝලික බිෂොප්වරු සිංහලයන්ට විරුද්ධ ඇයි? )

මෙම කරුණු කාරණා බලන විට මැල්කම් රංජිත් මිනීමරුවෙකු වෙනුවෙන් හඬ නැගීම ගැන අප පුදුමයට පත් නොවිය යුතුය.

Tell a Friend