වහල්බාවය සිහිගන්වන ආගමික නායකයින් !

රේගු නිලධාරී සුජිත් පෙරේරා මහතාට වෙඩි තබා ඝාතනය කිරීමට අනුබල දීම සම්බන්ධයෙන් මරණ දණ්ඬනයට නියමව බන්ධනාගාර ගතව සිටින අනුර ලාල් වීරවංශ නැමැති රේගු නිලධාරියා එම දඬුවමෙන් නිදහස් කරන ලෙස ඉල්ලා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත ආගමික නායකයින් කීපදෙනෙකුගේ අත්සනින් යුතු ලිපියක් යොමු කොට තිබේ.

වීරවංශ නමැත්තා 2002 වර්ෂයේ ඔක්තෝම්බර් පළමුදා සිට මෙසේ මරණ දණ්ඩනයට නියමව සිටියි. අති උතුම් ආචාර්ය මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන්, අති උතුම් ආචාර්ය දුලිප් ඞී. ඩිකේරා හිමිපාණන් සහ මහනායක අතිපුජ්‍ය උඩගම ශ‍්‍රී බුද්ධ රක්ඛීත මහනාහිමි, අතිපූජ්‍ය මහනායක අත්තුඩාවේ රාහුල මහනාහිමි, ආචාර්ය තබරදාගම චන්දිම හිමි, පූජ්‍ය නාගොඩ අමරවංශ නාහිමි, පූජ්‍ය දොඩම්පහළ විපුල සිරි යන හිමිවරු වෙති.

''මාහට පැහැදිලි අවබෝදයක් ඇති කරුණකි.එනම් දකුණේ  ආගම යොදාගත්තේ අපරාද වසන් කිරීමට ම්ලේච්චත්වය යුක්තිසහගත කිරීමට සහ දරුණු වංචාවන් මත සුදුහුණු අලේප කිරීමට බවයි. ආගම වහල් සුවාමින්ට ආරක්ෂාව සපයන පලිහක්ම විය.''

( වහල්බාවය - ෆෙඩ්රික් ඩග්ලස් සුයන් චරිතාපදානය - පිටුව 65 )

හර්ෂි සි. පෙරේරා