සියලු සැකකරුවන් සම්බන්දයෙන් නීතිපති අවදි විය යුතුයි !

"සන්ඬේ ලීඩර් ප‍්‍රධාන කර්තෘ ලසන්ත වික‍්‍රමතුංග සහ තවත් මාධ්‍යවේදීන් දෙදෙනකුට පහරදීම් සම්බන්ධයෙන් සැකපිට ත‍්‍රස්තවාදි විමර්ශන කොට්ඨාසයේ අත් අඩංගුවේ සිටින කන්දේගෙදර පියවංශ නම් හිටපු යුද හමුදා සෙබළා ගැන විමර්ශනය සිව් මසකින් අවසන් කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපතිවරයාට උපදෙස් දුන්නේය. තමා අත් අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමෙන් මූලික අයිතිවාසිකම් කඩ වී ඇතැයි සැකකරු ගෙනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලූ ශිරාණි තිලකවර්ධන, කේ. ශ්‍රී පවන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මෙම නියෝගය කළහ."

මේ ජනප්‍රිය නඩුවක සැකකරුවෙකි. ඔහුට ශ්‍රේෂ්ටාදිකරණයට යාමට මුදල් තිබෙන්නට ඇත. නමුත් මේ ඉරණමට ගොදුරු වූ සැකකරුවන් දහස් ගණනකි. ඒ සියලු දෙනාට මුලික අයිතිවාසිකම් නඩු දැමිය නොහැක. මේ තත්වය අද නීතිමය ගැටලුවකටත් වඩා සමාජ ගැටලුවක් වී ඇත.

දැන් දිගට හරහට ජනතාව රිමාන්ඩ් කිරීමේ ප්‍රවනතාවක් ඇත. සමහරවිට මෙය දඩුවමක සුවරුපය ගෙන ඇත. බොහෝවිට ඉතා සුළු වැරදි වලට මෙසේ රිමාන්ඩ් කෙරේ. වහාම පොලිසියේ කීම මත රිමාන්ඩ් කිරීම නතර කල යුතුය.


හර්ෂි සි. පෙරේරා