තමන් යන හැම තැනම හූනියම් යන්තර රැගෙන යාම "රජුට" අනිවාර්ය කෙරේ

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ජනතාව වශී කිරීම සඳහා භාවිත කරන රන් කොපුවක් සහිත හූනියම් යන්තරය තමන් යන සෑම තැනකම එනම් වැසිකිලියට යාමේ දී පවා රැගෙන යාමට ඔහුගේ ජෝතිර්වේදීන් විසින් අනිවාර්ය කොට තිබේ. මේ වසර ආරම්භයේ සිටම රටේ කේන්ද්‍රය සහ ඔහුගේ කේන්ද්‍රය පරස්පර වී ඇති හෙයින් ජනතාව හදිසියේම ඔහුට එරෙහිව නැගී සිටිය හැකි බැවින් අදාළ හූනියම් යන්ත්‍රය රැගෙන යාම අනිවාර්ය කොට ඇත. පසුගියදා ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂක ලෙස්ටර් ජේම්ස් පිරිස් මහතා බැලීමට ගිය හෙතම තමන්ගේ රනින් තැනු වශී යන්ත්‍රය රැගෙන ගිය අයුරු සේයාරුවෙන් දැක් වේ.

Tell a Friend