අනාවැකිය

අමිල ගුණරත්න

කැලණියේ ස්වයං පාලනය ගැන මීට පෙර අප ලියුවෙමු. ස්වයං පාලනය උඩු දුවමින් පවතින බව පෙනේ. පැලියගොඩ මාළු බිස්නස් කල හැක්කේ ප්‍රදේශයේ කට්ටියට පමණක් බව මර්වින් ප්‍රසිද්ධියේ කියයි. මෙය අමන ප්‍රාදේශීය වාදයකි. ප්‍රභාකරන් කියුවෙත් මේ කතාව නොවේද? තුන් සිංහලය එක්සත් කල රජතුමාටත් දැන් පොර කොන්ට්‍රෝල් නැති හැඩකි. අද මර්වින් ප්‍රසිද්ධියේ රාජිතට අභියෝග කළේය. චන්ද්‍රිකාගේ පාලන කාලයේදී රත්වත්තේ හා ඔහුගේ පුත්තු නීතිය අතට ගෙන ක්‍රියා කළහ. ලොහාන් රත්වත්තේ වැඩ ඇල්ලුවේ ජොඑල් ප්රේරාට වෙඩි තැබීමෙනි. චන්ද්‍රිකා වැඩේ ශේප් කළේය. එයින් නොනැවතුණු රත්වත්තේ පුතුන් මැර ක්‍රියා දිගටම කළහ. මෙවැනි ක්‍රියා නිසා චන්ද්‍රිකා රජය ක්‍රමක් ක්‍රමයෙන් ජනතා අප්‍රසාදයට ලක් විය. මර්වින් නිසා වන්නේ එය බව රජ තුන්කට්ටුව තවම දන්නේ නැත. යම් දිනක රාජපක්ෂ රජයේ පිරිහීම ඇරබෙන්නේ මර්වින්ගේ අමන වැඩ නිසාය. මෙම අනාවැකිය අවශ්‍යනම් ලියා තැබුවාටද කම් නැත. රජතුමාගේ ඇගේ වැසූ මැස්සා ට කෙටු මෝඩ වඳුරා මෙන් මර්වින්ගේ කඩු පහරකින් යම් දිනක රාජපක්ෂ පාලනය කැපී යනු ඇත. එහෙත් වඳුරාට ඉන් කම් නැත. මන්ද ඊළඟට බලයට එන රජතුමාගේ දෙපතුල අල්ලා වැඳ තමාගේ ජාම් බෙරා ගත හැකි නිසාය. චාරයක් නැති මෝඩ අමන මිතුරාට වඩා ප්‍රඥාවන්ත සතුරා හොඳ බව ඊසෝප් කිව කිව්වේ මේ නිසාය.

Tell a Friend