අතුරුදහන් කලාකරුවා ගැන චීන පොලිසිය මුනිවත රකියි !

බෙජින් ගුවන්තොටුපලේ රදවා සිටි චීන ජාතික කලාකරුවා අයි වේවි පැය 24 කට වැඩි කාලයක් තිස්සේ අතුරුදහන් වී ඇත.

හෝ කොන් බලා යන්නට සිටි ඔහු ආරක්ෂක අංශ විසින් නවතා ගෙන ඇත. මේ ගැන බලදාරින් කිසිවක් ප්‍රකාශ කරන්නේ නැත.

අයි චීනයේ මානව හිමිකම් වල අඩුපාඩු ප්‍රසිද්දියේ කතා කල පුද්ගලයෙකි. ඒ වගේම ඔහු ආණ්ඩුව විවේචනය කළේය.

හෙතම ලෝ සුපතල කලාකරුවෙකි. ඔහු 2008 බෙඉජින් ඔලිම්පික් ක්‍රීඩාංගනය සැදීමට දායකත්වය දෙන ලදී. එය හැදින්වුයේ කුරුළු කුඩුව නමිනි. ඔහු මේ දිනවල කටයුතු කරමින් සිටියේ 2008 සිචුං බුමිකම්පාවෙන් මියගිය සැම පාසල් ළමයෙකුගේම නම් එකතු කිරීමටය.

මෙය ඉතා සංවේදී කරුණක් වුයේ අදාල පාසල් හොදින් ඉදිවී නොතිබූ බවට නැගෙන චෝදනා නිසාය. මේ ගැන කතා කිරීමට මැලි වූ චීන ආණ්ඩුව ඒ ගැන යමක් කියූ අය අත්අඩංගුවට ගන්නා ලදී.


බි බි සි ඇසුරෙන්